Spread the News

චැනල් 04 චිත්‍රපටය ලන්ඩන් තිරයේ
source:
කීර්ති වර්ණකුලසූරිය

ලබන සිකුරාදා (26 දා) ලන්ඩන් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල ඇමැතිවරුන්ගේ සමුළුවට සහභාගි වන ඇමැතිවරුන් වෙත ශ්‍රී ලංකාවට එරෙහිව බලපෑමක්‌ ඇති කිරීම සඳහා චැනල් 4 රූපවාහිනිය නිපද වූ zනෝපයර්Z චිත්‍රපටය ලන්ඩනයේදී තිරගත කිරීමට සැලසුම් කර ඇත.

මේ සඳහා එම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ නාල්ලම් මැක්‌රේ සහ කොටි ඩයස්‌පෝරාව එක්‌වී තිබේ.

ලන්ඩන් නුවර ප්‍රන්ට්‌ලයින් ස්‌ලිම් නමැති මධ්‍යස්‌ථානයේදී මෙය තිරගත කෙරෙන අතර ඊට පොදුරාජ්‍ය මණ්‌ඩල ඇමැතිවරුන්ට ද ඇරයුම් පත් යවා ඇත. ලබන නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්‌ඩල හමුව නොපවත්වන ලෙස එම ඇමැතිවරුන්ගෙන් ඉල්ලා තිබේ.