Spread the News

සිංහලයන්ට විරුද්ධව ආයුධ ගෙන සටන් කරන බව අසාත් සාලි තමිල්නාඩුවේදී කියා තිබෙනවා.

source:

සිංහලයන්ට විරුද්ධව ආයුධ ගෙන සටන් කරන බව අසාත් සාලි තමිල්නාඩුවේදී  කියා තිබෙනවා.
දේශපාලනඥයන්ට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම අවස්ථාවකදී වගකීමෙන් තොර ප්‍රකාශ කළ නොහැකි බව රාජ්‍ය ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.
‘ලක්බිමට’ පුවත්පතට ඔහු එබව සඳහන් කර ඇත.
බඩු මිල සම්බන්ධයෙන් හෝ වෙනත් දෑ සම්බන්ධයෙන් වගකීමෙන් තොර ප්‍රකාශ කළද ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන්ට එසේ කළ නොහැකි බව හෙතෙම දැඩිව ප්‍රකාශ කර සිටියි.
කොළඹ හිටපු උප නගරාධිපති අසාද් සාලි මහතා පසුගියදා තමිල්නාඩුවේ සංචාරයක නිරතවෙමින් සිංහලයන්ට විරුද්ධව ආයුධ ගෙන සටන් කරන බවට ප්‍රකාශයක් නිකුත් කර ඇති බව හෙතෙම පවසයි.
මෙයට අමතරව අසාද් සාලි මහතා නැගෙනහිර ප්‍රදේශයේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් කිසියම් පෙළඹවීමකට ලක් කිරීමේ ප්‍රකාශ ඇතුළත් පත්‍රිකා බෙදාහැර ඇති බවද හෙතෙම කියා සිටියි.
තුවක්කු ගෙන සටන් කරන ආකාරයේ එදිරිවාදීකම් වර්ධනය කරවන ප්‍රකාශ නිකුත් කර ඇති අසාද් සාලි මහතා මේ වනතෙක් කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් රටේ ආරක්ෂක බුද්ධි අංශ විමසිල්ලෙන් පසුවූ බව හෙතෙම පවසයි.
අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත්තේ ඒ අනුව බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලි කර සිටියි.
” ඇතැම් දේශපාලනඥයන් මේ වෙලාවේ කියලා තියෙනවා දේශපාලනඥයන්ට වගකීමෙන් තොර ප්‍රකාශ කරන්න පුළුවන්. ඒවා ගණන් ගන්න එපා කියාලා. එහෙම හිතුව නිසා තමයි අපි අවුරුදු 30 කුරිරු යුද්ධයකට මුහුණ දුන්නේ. ඒ නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් දේශපාලනඥයන්ට වගකීමෙන් තොර ප්‍රකාශ කරන්න බෑ. අනෙක් අතට ඒවා වගකීමෙන් කරන එකක්ද එහෙම නැතිව කරන එකක්ද කියලා ආරක්ෂක අංශ දන්නේ කොහොමද? ” රාජ්‍ය ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රශ්න කර සිටියි.
සියලුම පුරවැසියන් වෙනුවෙන් රටේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය බැඳී සිටින බව අවධාරණය කරන රාජ්‍ය ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක අංශ නිරන්තර අවදියෙන් පසුවන බව කියා සිටියි.