Spread the News

මහසෙන් ඉවත් කිරීමට ඉල්ලීමක්‌ කළා
– කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ

අජිත් අලහකෝන්
source:
නැගෙනහිර ප්‍රදේශයේ හමා යන සුළි කුණාටුවට යොදා ඇති “මහසෙන්” යන නම ඉවත් කරන ලෙසට අදාළ ජාත්‍යන්තර කමිටුවෙන් ඉල්ලීමක්‌ කළ බව කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ එස්‌. එච්. කාරියවසම් මහතා ඊයේ (13 දා) සවස “දිවයින”ට පැවසුවේය.

“මහසෙන්” යන නමින් සුළි කුණාටුව හැඳින්වීම සම්බන්ධව දැවැන්ත මහජන විරෝධයක්‌ එල්ල වෙමින් තිබෙන නිසා එම නම ඉවත් කරන ලෙසට ඉල්ලා සිටි බව ද හෙතෙම කීවේය.

මෙම සුළි කූණාටුව “මහසෙන්” නමින් මින් ඉදිරියට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුන්වන්නේ නැතැයි ද “බෙංගාල බොක්‌කේ සුළි කුණාටුව” යනුවෙන් එය හඳුන්වන බව ද කාරියවසම් මහතා කීවේය.