මස්කඩයට පොලිස් ආරක්ෂාව – හිමිවරුන්ට ගුටිබැට

Spread the News

මස්කඩයට පොලිස් ආරක්ෂාව – හිමිවරුන්ට ගුටිබැට

May 26, 2013 | 24 views

sinhala ravayaවෙසක් සතිය පුරාවටම මස්කඩ වසා තැබීම මතක ඇති කාලයක පටන් මෙරට තුළ සිදුකෙරිණි. එහෙත් කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා ඉදිරිපිට වූ මස් වෙළදසැල මේ වෙසක් සතිය පුරාවටම විවෘතව තබා ඇත. මස් පිණිස සතුන් ඝාතනයද නොකඩවාම මෙහි සිදු කෙරී ඇත. මේ නිහීන ක්‍රියාවට විරෝධතාවය දක්වන්නට අද සිංහල රාවය ජාතික සංවිධානයේ හිමිවරුන් එතැනට රැස් වූහ. එහෙත් ඒ වන විටත් ඒ මස් වෙළද සැලට දැඩිව පොලිස් ආරක්ෂාව යොදා තිබිණ. අද උදෑසන පටන්ම මෙම මස් කඩයට පොලිස් ආරක්ෂාව යොදා තිබුණු බව දැනගන්නට ලැබිණ. විරෝධතාවය දක්වන්නට එක් රැස්වූ හිමිවරුන්ට පොලීසිය විසින් දැඩිව බලපෑම් එල්ල කෙරිණ. එක් පොලිස් නිලධාරියෙකු “ගණයෝ තොපි පලයවු යන්න“ කියමින් බැන වැදුණු අතර තවත් නිලධාරියෙකු “සිවුරු දාගෙන මේ වගේ දේවල්ද කරන්නේ“ කියමින් අපහාස කළේය. බැන වැදීම් වලින් නොනැවතුණු මේ පොලිස් නිලධාරීන් සිංහල රාවයේ නන්දාලෝක හිමියන් හට සිවුර ගලවා පහර දුන්හ. ජාතියේ මුර දේවතාවුන් වන ස්වාමින් වහන්සේලා අද මේ නිලධාරීන් අතින් පහර කන්නේ තුන් වරක් බුදුන්ට පුද දුන් රටකය. වෙසක් සතියේ පවා විවෘතව තබන මස් කඩවලට පොලිස් ආරක්ෂාව සපයන්නේ දෙදහස් පන්සිය වසරක් තිස්සේ බුදු දහම රැදුණු රටකදීය. බුදු දහම රැක ගැනීම වෙනුවෙන්, අවිහිංසාවාදය වෙනුවෙන් පනතක් සම්මත කර ගන්නට අපේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ගිනි තබා ගන්නට සිදුවී ඇත්තේද මෙහෙවු පින්බිමක සිටය.

වෙසක් පොහොය දින දළදා මාළිගාව ඉදිරිපිටදී සිරුරට ගිනි තබාගත් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය අධිකරණ නියෝගයක් මත කහවත්ත සිරි සුගත විහාරයට පොලිස් ආරක්ෂාව මැද යැවූ බව පොලිසිය කියයි. මේ හිමියන්ගේ දේහය කහවත්තට යැවීම සම්බන්ධයෙන් පොලිසිය සහ සිංහල රාවය හිමිවරුන් අතර මතභේදයක්ද හටගත් අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද පැවැත්වීණි. මම අවස්ථාවේදී අනුර සේනානායක මහතා සිංහල රාවයේ නන්දාලෝක හිමියන්ගේ සිවුරෙන් ඇද ප්‍රහාරයක් එල්ලකර තිබෙන බව සිංහල රාවය පවසා සිටින අතර, මේ සම්බන්ධයෙන් කුපිත වූ බෞද්ධයන් පිරිසක් පොලිසියට එල එලවා පහරදී ඇත.  තවත් භික්ෂූන් වහන්සේ දස නමක් අරලියගහ මැදුරට යන පාරේ බිම දිගා වී සත්‍යග්‍රහයක් ඇරඹූහ.

sinhala ravaya 1 sinhala ravaya 2

 

(International Buddhist Council Sri Lanka)