Spread the News

මහාබෝධි ප්‍රහාරයෙන් හිමිනමක් මරුට:සතියකට දඹදිව යන්න එපා

source:

ඉන්දීය අගමැති ප්‍රහාරය හෙළා දකී

2013 ජූලි 07  02:45 p.m
b6ඉන්දියා‍වේ බිහාර්හි මහාබෝධි විහාරස්ථාන පරිශ්‍රයේ අද(07) උදැසන සිදුවූ බෝම්බ පිපිරීම් වලින් තුවාල ලත්එක් භික්ෂූන් වහන්සේ නමක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.කෙසේ වෙතත් කිසිදු ශ්‍රී ලාංකිකයකුට හෝ බෞද්ධාගමික පුජනීය වස්තුවකට හානියක් සිදුව නොමැති බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.
බිහාර් පොලිස් ප්‍රධානී අබයානන්ද් පවසන්නේත් මහාබෝධියට මදක් දුරින් පිහිටි ජයශ්‍රීමහා බෝධිය නිරුපද්‍රිත බවත්, කිසිම හානියක් නැති බවත්ය.කෙසේ වෙතත් විහාරස්ථානයේ වීදුරු කිහිපයකට හානි වි ඇති බවද පැවසේ. ආරක්ෂක අංශ පැමිණ ඉතිරිව තිබූ තවත් බෝම්බ කිහිපයක් නිශ්ක්‍රීය කොට තිබේ .

මෙම බෝම්බ ප්‍රහාර  ශ්‍රී ලාංකිකයින් හෝ බෞද්ධයින් ඉලක්ක කොට එල්ලවුවක් නොවන බවට තොරතුරු වාර්තාවී ඇති නමුත් සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වෙන ඉදිරි සතිය තුල ඉන්දියාවේ වන්දනා ගමන් වලින් වැළකී සිටින ලෙස ද ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මෙරට ජනතාවට දැනුම් දී සිටී . මේ අතර සිදු වූ බෝම්බ පිපුරුම් පිළිබඳ කඩිනමින් සොයා බලන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට නියෝග කර තිබේ.
b4ලෝක උරුම පුදබිමක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බිහාර් ප්‍රාන්තයේ බුද්ධ ගයාහි මහාබෝධි විහාරස්ථානය තුළ අද (07) පාන්දර 5.15 සිට  බෝම්බ  පිපිරීම් 8ක් වාර්තා විය . පිපිරීම් නිසා ටිබෙට් ජාතික  ස්වාමීන්වහන්සේ නමක් සහ සංචාරකයින් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන්දියාවෙන් ලැබෙන නවතම වාර්තාවල දැක්වේ. විහාරස්ථානයේ බෝධීන්වහන්සේට හෝ වෙනත් ආගමික ස්මාරකවලට හානියක් සිදු ව නැති බව ද වාර්තාවේමෙම,
b3 පිපිරීම් ගැන සැල වූ වහාම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  මහාබෝධි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට දූරකතනයෙන් අමතා කරුණු විමසා බැලූ බවත් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට වහා ම මේ පිළිබඳ අවශ්‍ය ක්‍රීයාමාර්ග ගන්නා ලෙස උපදෙස් දුන් බවත් ජනාධිපතිමාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතා ප්‍රකාශ කර සිටියේය.
b2
මේ අතර ඊයේ ( 07) දහවල් විහාරස්ථානයට නුදුරින් තවත් ජීව බෝම්බයක් සොයාගෙන ඇති අතර පසුව එයද  නිශ්ක්‍රීය කර තිබේ. මේ වනවිටත් බෝම්බ නිශ්ක්‍රීය භට කණ්ඩායම් පරිශ්‍රයේ සෝදිසි මෙහෙයුම් සිදුකරන බවත් ,  විහාරස්ථානය අවට ප්‍රදේශයන්හි ද පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත්වාර්තා වේ.
b1 සිද්ධියෙන් අනතුරුව  ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ (National Investigation Agency) සහ ජාතික ආරක්ෂක බලකායේ (National Security Guard) කණ්ඩායම් බුද්ධගයා වෙත පැමිණ ඇති අතර   බිහාර් ප්‍රාන්තයේ මහඇමති නිතිෂ් කුමාර් මහතා විහාරස්ථානය වෙත පැමිණ කරුණු සොයා බැලූ බවද  තානාපති ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මොහන් සිං  මහතාද නිවේදනයක් නිකුත්කරමින් ආගමික ස්ථානවලට එල්ල කළ මෙම බියගුලු බෝම්බ ප්‍රහාරය හෙළා දැක ඇත .  මෙම ප්‍රහාරයට වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීම කඩිනම් පියවර ගන්න බවද මන් මොහන් සිං මහතා මෙහිදී සඳහන් කර ඇත.

පැතුම් වික්‍රමරත්න