Spread the News

බුද්ධගයා ප්‍රහාරයේ වගකීම ‘මුජෙහිදීන්’ භාර ගනී

කීර්ති වර්ණකුලසූරිය

source: Divaina 11-7-2013

බුද්ධගයාවට ප්‍රහාර එල්ල කිරීමේ වගකීම තමන් භාරගන්නා බව ඉන්දීය මුජෙහිදීන් සංවිධානය විසින් ප්‍රකාශ කර ඇත.

මෙම ප්‍රකාශයත් සමගම බුද්ධගයාවේ ත්‍රස්‌ත මර්දන ඒකකයක්‌ පිහිටුවීමට තීරණය වී තිබේ.

මෙම ප්‍රකාශය කර ඇත්තේ කැනඩාවේ සිට ක්‍රියාත්මක වන එම මුජෙහිදීන් වෙබ් අඩවිය මගින් යෑයි ඉන්දීය ආරක්‍ෂක බලධාරීන් විසින් හෙළිකර තිබේ.

පිපිරීම් නවය අපි ක්‍රියාත්මක කළෙමු. මීළඟ ප්‍රහාරය මුම්බායි වෙත එල්ලවනු ඇතැයි එහි සඳහන් වී ඇත.

මේ අතර බුද්ධගයාවට ප්‍රහාර එල්ල කිරීම ගැන සැකපිට අත්අඩංගුවට ගත් සිව්දෙනා ආනන් ප්‍රකාශ් – ගුන්ජන් පටෙල්- හුසේන් මලික්‌ සහ ප්‍රියංකා ලෙස හඳුනාගෙන ඇත.

මොවුන් බෝම්බ පිපිරීමට විනාඩි කීපයකට පෙර ඔවුන් නතරවී සිටි නාටානාම් හෝටලයෙන් පිටවී තිබේ.