ලුම්බිණියෙන් හමුවූ ලොව පැරණිම විහාරය ගැන මහාචාර්ය කොනින්හැම්ගෙන් පොතක්‌

Spread the News

ලුම්බිණියෙන් හමුවූ ලොව පැරණිම විහාරය ගැන
මහාචාර්ය කොනින්හැම්ගෙන් පොතක්‌

source:
චතුර පමුණුව

ලුම්බිණියෙන් සොයාගත් ලොව පැරණිතම බෞද්ධ විහාරය පිළිබඳව ලබන වසරේදී තමන් පොතක්‌ නිකුත් කරන බව මහාචාර්ය රොබින් කොනින්හැම් ප්‍රකාශ කරයි.

මෙම ග්‍රන්ථය ‘Excavation at Lumbini’ මැයෙන් වේ.

ලුම්බිනියේ මායාදේවි විහාරය තුළ සිදු කළ කැණීම්වලදී ලොව පැරණිතම බෞද්ධ විහාරය සොයාගත් අතර එය සිද්ධාර්ථ කුමාරොත්පත්තිය සිදු වූ සල්ගසවටා ඉදිකරන ලද විහාරය ලෙස සැලකේ.

මෙය ක්‍රි.පූ. 550 දී ඉදිකරන ලද විහාරයක්‌ බව මහාචාර්ය කොනින්හැම් ප්‍රකාශ කරයි.

මෙම සොයා ගැනීමත් සමග නේපාලයට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය ඉහළ යන බව ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කරයි.

එනිසාම ලුම්බිණියේ ගෞතම බුද්ධා ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක්‌ කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදී ඇත. එහි සංවර්ධන කටයුතු 2017 දී නිම වනු ඇත.

2012 වසරේදී නේපාලයට සංචාරකයන් ලක්‌ෂ 8 ක්‌ පැමිණ ඇති අතර 2020 වන විට මිලියන 2 ක සංචාරක පිරිසක්‌ එරටට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ.