Spread the News

බුද්ධගයාවට පහර දුන්නේ පළිගැනීමටලු
ඉන්දීය මුජහඩීන් සාමාජිකයා කියයි

චතුර පමුණුව
source:
ඉන්දියාවේ බුද්ධගයා මහාබෝධි විහාරයට පහර දුන්නේ බුරුමයේ රොහින්ගා මුස්‌ලිම්වරුන්ට එල්ල වූ ප්‍රහාරවලට පළිගැනීම සඳහා යෑයි ඉන්දීය මුජහිඩීන් සාමාජික මොහොමඩ් උමේර් සිද්දීක්‌ එරට ආරක්‍ෂක අංශ හමුවේ හෙළිකර ඇත.

මොහොමඩ් උමේර් වැටිසගාර් ප්‍රාන්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ බුද්ධගයා ප්‍රහාරය හා පැට්‌නාහි සිදු වූ බෝම්බ ප්‍රහාරවල සැකකරුවකු ලෙසය.

ඉන්දීය මුජහිඩීන්වරුන් විසින් බුද්ධගයාවට ප්‍රහාර එල්ල කළේ ඉකුත් වසරේ ජුලි 07 වැනිදාය.

බුද්ධගයාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානයක්‌ නිසාත් එයට බොහෝ විදේශිකයන් පැමිණෙන නිසාත් තමන් මේ ප්‍රහාරය එල්ල කිරීමට කටයුතු කළ බව මොහොමඩ් උමේර් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම තමන් භාරතීය ජනතා පක්‍ෂයේ අගමැති අපේක්‍ෂක නරේන්ද්‍ර මෝඩි ඝාතනය කිරීම සඳහා ද කුමන්ත්‍රණ කළ බව මේ ඉන්දියන් මුජහිsඩීන් සාමාජිකයා හෙළි කර ඇත.