Spread the News

උලමාවරුන් වංචාසහගතව හලාල්
නව ක්‍රමවේදයකින් ගෙන එමින් සිටිනවා
– පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ

ඊට එරෙහිව සටන නැවත අරඹනවා source:

සිරිමන්ත රත්නසේකර

උලමාවරුන් විසින් ඉතාම වංචාසහගත ලෙස හලාල් සහතිකකරණය පිළිබඳ නව ක්‍රමවේදයක්‌ ගෙන එමින් සිටින බවත් ඊට එරෙහි හලාල් සටන නැවත ආරම්භ කරන බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අවධාරණය කරති.

මෙම වංචනික ක්‍රියාදාමය ආරම්භයේදීම පරාජය කිරීම සඳහා ජාතික මට්‌ටමේ දැවැන්ත හලාල් සහතික වර්ජනයක්‌ ඇතුළු ක්‍රියාමාර්ග රැසක්‌ ගන්නා බවත් උන්වහන්සේ පැවැසූහ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (07 වැනිදා) එම අදහස්‌ පළ කළේ කිරුලපන බෝධි බෞද්ධ මධ්‍යස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේ ද පැවැසූහ.

උලමාවරුන්ගේ මෙම ක්‍රියාදාමය අප රට තුළ සමාජ බෙදුම්වාදයක්‌ ඇති කිරීමට ගන්නා උත්සාහයක්‌. මෙය ආරම්භයේදීම පරාජය නොකළහොත් රට තුළ මහත් ව්‍යසනයක්‌ ඇතිවිය හැකියි.

අපගේ මෙම සටන සම්ප්‍රදායික මුස්‌ලිම්වරුන්ගේ හලාල් මස්‌ භාවිතයට එරෙහි ක්‍රියාදාමයක්‌ නොවන බව පැහැදිලිව කිව යුතුයි. හලාල් විරෝධය වර්ජනය මුස්‌ලිම්වරුන්ගේ ආගමික අයිතියට එරෙහිවීමක්‌ නොවෙයි. තමන්ගේ ආගමික බලහත්කාරය අන්‍යයන්ගේ කරමත පැටවීම තුළින් අන්තවාදී, ජාතිවාදී, මූලධර්මවාදී ආගම්වාදී ක්‍රියාදාමයක නියෑළී ඇත්තේ මුස්‌ලිම්වරු මිසක්‌ සිංහල බෞද්ධයන් නොවෙයි.

උලමාවරුන් සිදුකරන වංචාව පාලකයන් තේරුම් ගෙන නැහැ. ඔවුන් සැවොම රවටමින් කටයුතු කරනවා. පාලකයන් මුස්‌ලිම් ඡන්ද අපේක්‌ෂාවෙන් ගොළුවන්, බිහිරන් සේ කටයුතු කිරීම ජාතියේ අවාසනාවක්‌. මෙම අනතුර ගැන අප පෙර සිටම ජාතියට අනතුරු ඇඟවූවා. නමුත් පාලකයන් නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරමින් සිටිනවා.

රටේ දුර්වල පාලකයින් සිටිනතුරු බලහත්කාරය පටවන්න උලමාවරුන්ට පහසු වී තිබෙනවා. දැන් මුස්‌ලිම් බැංකු රට පුරා ව්‍යාප්ත වෙමින් තිබෙනවා. මෙහි බරපතළකම තේරුම් ගත යුතුයි. ඔවුන්ට මූල්‍ය බලය ලැබුණොත් මොනවා වෙයිද? අපගේ මැති ඇමැතිවරුන්ට “කුට්‌ටිය” ලැබුණොත් ඕන දෙයක්‌ කරන්න දෙනවා. රට අනතුරට ගෙන යන තක්‌කඩි ඇමැතිවරුන්ව අප නුදුරේදීම හෙළි කරනවා.

අප බෞද්ධ ජනයාගේ ගැටලුවක්‌ වෙනුවෙන් සාකච්ඡා කිරීමට ඉතා කුඩා කාලයක්‌ වෙන් කරද්දී කාදිනල්වරුන්ගේ අනෙකුත් අය වෙනුවෙන් ඕනෑ තරම් කාලයක්‌ වෙන් කරන්න රජයට හැකියාව තිබෙනවා. බෞද්ධ ජනතාවට මෙහෙම කරන්නේ ඇයිදැයි අප රජයෙන් ප්‍රශ්න කර සිටිනවා.

මෙම උවදුර ගැන ජනතාව වෙත පහදා දෙන්න අපි ගමක්‌ ගමක්‌ ගානේ, පන්සලක්‌, පන්සලක්‌ ගානේ, ගෙයක්‌ ගෙයක්‌ ගානේ, යන්න කටයුතු කරනවා. මෙම නාඩගම්වලට පාලකයන්ගේ කකුල් වෙව්ලුවත් අපගේ කකුල් වෙව්ලන්නේ නැහැ.

මෙම අවස්‌ථාවට ආචාර්ය ඩිලන්ත විතානගේ, ආචාර්ය චමිල ලියනගේ යන මහත්වරු ද එක්‌ව සිටියහ.