Spread the News

මන්නාරම් රදගුරුත් ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලයි

කීර්ති වර්ණකුලසූරිය source:

ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ සිදුකළ බව කියමින් මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් පියතුමා ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලා ඇත.

එහෙත් මන්නාරම් රදගුරුගේ ඉල්ලීම මෙරට කතෝලික සභාවේ ඉල්ලීමක්‌ නොවන බව ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා රජය යුද අපරාධ පිළිබඳව පවත්වන දේශීය විමර්ශන කෙරෙහි විශ්වාසයක්‌ නැතැයිද හෙතෙම තවදුරටත් දන්වා ඇත.

මන්නාරම් රදගුරුතුමාගේ මෙම ඉල්ලීම රජයේ ආරක්‍ෂක අංශ ඊයේ ප්‍රතික්‍ෂේප කළේය.