Spread the News

ශ්‍රී ලංකාව වරදකරු කරන ජිනීවා තීන්දුවට
ඉතාලි එන්.ජී.ඕ. මෙහෙයුමක්‌

කීර්ති වර්ණකුලසූරිය source:

ශ්‍රී ලංකා රජය ද්‍රවිඩ ජාතිකයන් 70,000 ක්‌ ඝාතනය කිරීම ගැන වරදකරු කරන තීන්දුවක්‌ ජනවාරි 22 දා පෙරවරු 10 ට ජිනීවාහි දී ප්‍රකාශයට පත් කිරීමට ඉතාලි රාජ්‍ය නොවන සංවිධානයක්‌ කටයුතු යොදා ඇත.

ජිනීවා මාධ්‍ය සමාජ ශාලාවේදී ප්‍රකාශයට පත් කෙරෙන මෙම සාවද්‍ය තීන්දුව සඳහා චැනල් ෙµda අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේද සහභාගි වෙයි. ඉතාලි මහජන විනිශ්චය සභාව නමින් හඳුන්වන මේ සංවිධානය ශ්‍රී ලංකාවට එරෙහිව නඩු විභාගයක්‌ පවත්වා ඇත්තේ පැය 48 ක්‌ තුළයි. මේ විනිශ්චය සභාවේ ප්‍රධානියා ලෙස ක්‍රියාකර ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් ඩෙනිස්‌ හැලිඩේය.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේ අවස්‌ථාවට කොටි ඩයස්‌පෝරාවටද ඇරයුම් කර ඇත.source