Spread the News

ජිනීවා ගින්නට පිදුරු දාන්න ටී.එන්.ඒ. හදිසියේ රැස්‌වෙයි!

කීර්ති වර්ණකුලසූරිය
source:
ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාවට සහාය දැක්‌වීම සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානයේ (ටී.එන්.ඒ) මධ්‍යම කාරක සභාව ජනවාරි 26 දා හදිසි සාකච්ඡාවක්‌ පැවැත්වීමට තීරණය කර ඇත.

මෙහිදී අත්අඩංගුවේ සිටින කොටි ත්‍රස්‌තවාදීන් කවුදැයි හෙළි කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ලවා රජයට බලපෑම් කිරීම ගැන ද සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම මධ්‍යම කාරක සභා රැස්‌වීමෙන් පසු මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකා රජය හා හමුදාවට එරෙහිව ඉදිරිපත් කළ යුතු කරුණු ගැන රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් සහ ද්‍රවිඩ ඩයස්‌පෝරා නියෝජිතයන් සමග ද සාකච්ඡා පැවැත්වීමට ද්‍රවිඩ සන්ධානය තීරණය කර තිබේ. ද්‍රවිඩ සන්ධානය මෙම සාකච්ඡාවලදී ශ්‍රී ලංකා රජයට එරෙහිව සම්මත කරන යෝජනා ජිනිවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කරනුයේ රාජ්‍ය නොවන සංවිධානයන් මගින් බව ද හෙළි වී ඇත.