Spread the News

ඇමරිකානු චෝදනාවේ ප්‍රධාන සාක්‍ෂිකාරිය කොටි එලිලන්ගේ බිරිඳ

කීර්ති වර්ණකුලසූරිය
source:
ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ඇමරිකාව විසින් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කරන යුද අපරාධ චෝදනාවේ ප්‍රධාන සාක්‍ෂිකාරිය ත්‍රිකුණාමල කොටි හමුදා නායක එලීලන්ගේ බිරිය වූ ආනන්දි සසිතරන් යෑයි අනාවරණය වී ඇත.

උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරියක වූ ඇය පසුගිය සඳුදා මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ වෙත හදිසි ලිපියක්‌ යවමින් ශ්‍රී ලංකා රජය පවත්වන පරීක්‍ෂණ කෙරෙහි විශ්වාසයක්‌ නැති බවත් 30000 කට අධික පිරිසක්‌ අතුරුදන්වීම හා පැහැරගෙන යැම් ගැන එක්‌සත් ජාතීන්ගේ ජාත්‍යන්තර විමර්ශනයක්‌ පවත්වන ලෙසත් ඉල්ලා තිබේ.

කොළඹ රොස්‌මිඩ් පෙදෙසේ එක්‌සත් ජාතීන්ගේ සංක්‍රමණික කාර්යාලයේ ප්‍රධානි ගෝලම් අබ්බාස්‌ හරහා ඇය මෙම ලිපිය මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේට යවා තිබේ.

මේ අතර ආනන්දි සසිතරන් පසුගියදා ජර්මනියේ බ්‍රිමන් නගරයේ පැවැති මහජන විනිශ්චය සභාව නමැති විනිශ්චය සභාව අමතමින් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බවට දැනුම් දී ඇත.

ආනන්දිගේ සැමියා වූ එලිලන් ත්‍රිකුණාමලයේ අපරාධකාරි ක්‍රියා 60 කට සම්බන්ධ යෑයි ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසීය.