ශ්‍රී ලංකාවේ යුද අපරාධ සෙවීමට නිසි බලධාරියෙක්‌!

Spread the News

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සෙවීමට නිසි බලධාරියෙක්‌!

කීර්ති වර්ණකුලසූරිය

source:

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කළ බව කියමින් එක්‌සත් ජාතීන්ගේ විශේෂ විමර්ශකයකු හෙවත් නිසි බලධාරියකු විමර්ශන කටයුතු සඳහා පත් කිරීමට ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ක්‍රියාකරන බව ජිනීවා ආරංචි මාර්ග “ඉරිදා දිවයින සංග්‍රහය” ට පැවසීය.

ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය විසින් මානව හිමිකම් සමුළුවට යොමු කෙරෙන ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවේ ප්‍රධාන ඉලක්‌කය මෙම විශේෂ විමර්ශකයා (ස්‌පෙෂල් රැපටර්) යෑයි තවදුරටත් හෙළි වී ඇත.

මෙම විශේෂ විමර්ශකයාට එකී විමර්ශන කටයුතු සඳහා කාල සීමාවක්‌ද තීරණය වේ.

වන්නි මෙහෙයුමේ අවසාන සතියේ සිදු වූ යුද අපරාධ ගැන පමණක්‌ සෙවීම ඔහුට භාර වන අතර කොටි යුද අපරාධ ගැන විමර්ශනය නොකෙරේ.

එහෙත් මේ විශේෂ විමර්ශකයාට ශ්‍රී ලංකා රජය සහාය දක්‌වන්නේ නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

යුද අපරාධ ගැන විමර්ශන කරන්නේ නම් 1980 සිට ඉන්දීය සාම හමුදාව ඇතුළු කොටි සිදු කළ අපරාධ ගැන ද සෙවිය යුතු යෑයි රජය මානව හිමිකම් කොමසාරිස්‌ ට කළ යෝජනාව ගැන ඇය ප්‍රතිචාර දක්‌වා නැත.

මේ අතර ඇමරිකානු හා බ්‍රිතාන්‍ය යෝජනාව ගැන සහාය දක්‌වන්නේ ද යන්න ගැන ඉන්දීය රජය මෙතෙක්‌ ප්‍රතිචාර දක්‌වා නොමැත.

ඉන්දීය රජය වන්නි මෙහෙයුම සඳහා බෝපෝර් ප්‍රහාරක අවි 80 ක්‌ සපයා තිබිණි.