ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් කඩවීම ශ්‍රී ලංකාවට එරෙහි යෝaජනාවට හේතුවයි

Spread the News

ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් කඩවීම
ශ්‍රී ලංකාවට එරෙහි යෝaජනාවට හේතුවයි
source:
– ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් කියයි

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුවට ගෙන එන බවත් ඊට හේතුව වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම කඩවී මානව හිමිකම් බරපතළ ලෙස කඩා වැටීමට පත්වීම බවත් ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීශා දේශායි බිශ්වාල් මහත්මිය ඊයේ (02 වැනිදා) කොළඹදී ප්‍රකාශ කළාය.

ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාව කෙරෙහි අසහනයට පත්වී ඇති බව පැවසූ ඇය තවදුරටත් පැවැසුවේ තමාට කොළඹදී විවිධ පුද්ගලයන්ගෙන් ශ්‍රී ලංකා රජය පිළිබඳව තොරතුරු ලැබුණු බවයි.

මේ අතර කොටි විසින් ඝාතනය කළ සහ පැහැරගත් අයගේ කිසිදු ඥාතියකු හෝ සංවිධානයක්‌ ඇමරිකානු නිලධාරිනිය හමුවී නැත. ඇය හමුවී ඇත්තේ රාජ්‍ය විරෝධී ක්‍රියාකාරීන් යෑයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය කොටි හිතවාදීන්ගේ කේළාම් අසා කොළඹ සිටම තීන්දුවක්‌ දී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (02 වැනිදා) දහවල් පැවැසීය.