රට වෙනුවෙන් මා විදුලි පුටුවට වුවත් යන්න ලෑස්‌තියි

Spread the News

රට වෙනුවෙන් මා විදුලි පුටුවට වුවත් යන්න ලෑස්‌තියි

රනිල් ගොඩකවෙලදී කියයි

source:
රක්‌වාන – ගබ්බෙල පියදාස

යුද අපරාධ සම්බන්ධයෙන් ජනාධිපති හෝ කිසිම හමුදා නිලධාරියෙක්‌, රණවිරුවෙක්‌ ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනියන්න බෑ. එසේ නොවන්න මා කටයුතු කර තිබෙනවා. එහෙම නොවෙයි කියලා කවුරුහරි කියනවානම් මා රට වෙනුවෙන් විදුලි පුටුවට වුණත් යන්න ලෑස්‌තියෑයි එ.ජා.ප. නායක විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

අද රටේ විදුලිබලාගාර රාශියක්‌ අක්‍රියවෙලා විදුලි අර්බුදයක්‌ තිබෙන බවත් ඒ ගැන කතා නැතුව විදුලි පුටුවක්‌ ගැන, ජිනීවාවල නඩු විභාගයක්‌ ගැන කතා කරන බවත් පැවැසූ විපක්‍ෂ නායකවරයා ජාත්‍යන්තර ප්‍රශ්නවලින් බේරෙන්න බැරිනම්, රට බේරාගන්න බැරිනම් ආණ්‌ඩුකරන්නේ කුමටදැයි පැවැසීය.

රටවල් අනූ හතරක්‌ එක්‌ව 2003 පිහිටුවා ගත් රෝම ගිවිසුමට අනුව යුද අපරාධ ගැන ජාත්‍යන්තර අධිකරණයට ගෙන ගොස්‌ නඩු විභාග පවත්වා දඬුවම් කිරීමට ගෙනා ගිවිසුමට තමා අත්සන් නොකළ බවත් මේ නිසා ජනාධිපති හෝ කිසිම හමුදා නිලධාරියෙක්‌ හෝ ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනයැමට නොහැකි බවත් සඳහන් කළේය.

රක්‌වාන මැතිවරණ කොට්‌ඨාසයේ එක්‌සත් ජාතික පක්‍ෂ කොට්‌ඨාස බලමණ්‌ඩල තරුණ සමිතිය හා ලක්‌වනිතා සංගමය පිහිටුවමින් පෙරේදා (1දා) ගොඩකවෙල µdම් ලෑන්ඩ් හෝටලයේ පැවැති ජනහමුව අමතා විපක්‍ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.