ජනපති පත් කළ කොමිෂන් දෙකට ආනන්දි ජිනීවාහිදී දෙහි කපයි

Spread the News

ජනපති පත් කළ කොමිෂන් දෙකට
ආනන්දි ජිනීවාහිදී දෙහි කපයි

source:
දිනසේන රතුගමගේ

යුද්ධයෙන් පීඩාවට පත්වූ වැසියන් වෙනුවෙන් වර්තමාන ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කොමිෂන් සභා දෙකම දෙමළ ජනතාවට පිළිගත නොහැකි බව උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිතරන් ජිනීවා නුවර මානව හිමිකම් කමිටු නිලධාරීන්ට ප්‍රකාශ කොට තිබේ.

මාර්තු මාසයේදී ආරම්භ වීමට නියමිත ජිනීවා සමුළුවට පෙර ජිනීවා ගොස්‌ එහි නිලධාරීන් හමු වී ආපසු පැමිණ සිටින ආනන්දි සසිතරන් මන්ත්‍රීවරිය පෙරේදා (16 දා) යාපනයේදී මාධ්‍යවේදීන් සමඟ ප්‍රකාශ කළේ තමන් උතුරේ ජනතාව විඳින දුක්‌ගැහැට පිළිබඳව ජිනීවා නියෝජිතයන් දැනුවත් කළ බවයි.

යුද්ධය හේතුවෙන් විපතට පත් පුද්ගලයන් වෙනුවෙන් මෙතෙක්‌ සාධාරණය ඉටු නොවූ බව ද යුද්ධය හේතුවෙන් උතුරු නැගෙනහිර කාන්තාවන් 40,000 කට වැඩි පිරිසක්‌ වැන්දඹුභාවයට පත්ව සිsටින බව ද ආනන්දි සසිතරන් මන්ත්‍රීවරිය ජිනීවා නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කොට තිබේ.

මීට පෙර ජනාධිපතිවරයා විසින් පත්කරන ලද එල්. එල්. ආර්. සී. වාර්තාවේ සඳහන් කරුණුවලින් බොහෝ කරුණු මෙතෙක්‌ ඉටු නොකිරීම නිසා එම කොමිසම පිළිබඳව කිසිදු විශ්වාසයක්‌ උතුරේ වැසියන්ට නොමැති බව ද මේ දිනවල යාපනයේ

රැස්‌වන ජනාධිපති කොමිසමට පත්කොට සිටින පුද්ගලයන් උතුරේ සිදු වූ මානව හිමිකම් පිළිබඳව වැරදි ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කළ පිරිසක්‌ බව ද ආනන්දි සසිදරන් මන්ත්‍රීවරිය ජිනීවා නියෝජිතයන්ට පවසා තිබේ.

ලබන මාර්තු මාසයේදී ද උතුරු පළාත් සභා නියෝජිතවරියක වශයෙන් ආනන්දි සසිතරන් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත යැමට නම් කොට තිබේ.