කොටි සැමරීමට රජය ඉඩ දෙන්නේ නෑ

Spread the News

කොටි සැමරීමට රජය ඉඩ දෙන්නේ නෑ

කීර්ති වර්ණකුලසූරිය source:

මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේගේ ඉල්ලීම මත කොටි ත්‍රස්‌තවාදීන් සැමරීම සඳහා ඉඩ දීම රජය එකහෙළාම ප්‍රතික්‍ෂේප කර ඇත.

ලොව කිසිම රටක්‌ ත්‍රස්‌තවාදීන් සැමරීමට ඉඩ නොදෙන අතර ඇගේ මෙම ඉල්ලීම කොටි ත්‍රස්‌තවාදයට නිල පිළිගැනීමක්‌ දීම යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (17 දා) පැවසීය.

මියගිය කොටි ත්‍රස්‌තවාදීන් සැමරීම සඳහා රජය ඉඩ නොදෙන බව නවි පිල්ලේට යාපනයේදී හමු වූ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් හා කොටි හිතවාදීන් පවසා තිබිණි.

ඇමරිකාව අල්කයිඩා ත්‍රස්‌තවාදීන්වත්, ඉන්දියාව කාශ්මීර් ත්‍රස්‌තවාදීන්වත් සැමරීම තහනම් කර ඇත.

මේ අතර මියගිය අයවළුන් සැමරීම සඳහා ජාතික දිනයක්‌ ප්‍රකාශයට පත් කළ යුතු බවට ද නවි පිල්ලේ කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර තිබේ.