පිල්ලේ රජයට කළ නියෝගය පිල්ලේටම එපාවෙයි

Spread the News

පිල්ලේ රජයට කළ නියෝගය පිල්ලේටම එපාවෙයි

කීර්ති වර්ණකුලසූරිය

source:

මාර්තු 26 ට පෙර උතුරෙන් හමුදාව ඉවත් කළ යුතු බවට මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ ශ්‍රී ලංකා රජයට කළ නියෝගය ඇය විසින්ම ඉවත්කර ඇත.

ශ්‍රී ලංකාව ස්‌වෛරී රාජ්‍යයක්‌ බව රටේ ජාතික ආරක්‌ෂාව ගැන නියෝග කිරීමට ඇයට මානව හිමිකම් කවුන්සලයෙන් බලයක්‌ දී නැති බවත් ශ්‍රී ලංකා රජය පෙන්නුම කර තිබේ.

ද්‍රවිඩ සන්ධානය ප්‍රමුඛ රාජ්‍ය නොවන සංවිධාන විසින් උතුරින් හමුදාව ඉවත්කර ගන්නා ලෙස රජයට නියෝග නිකුත් කරන්නැයි නවිපිල්ලේගෙන් ඉල්ලා තිබිණි.

උතුරින් ආරක්‌ෂක හමුදාව ඉවත් කරන්නේ ක්‍රම ක්‍රමයෙන් බවත් ඒ සඳහා කාලසීමාවක්‌ දීමට නවිපිල්ලේට නොහැකි බවත් රජය තවදුරටත් දන්වා ඇත.