බෝල්ට්‌ ඇණවල දමා කුඩු කිලෝ 36 ක්‌ ගෙනා පාකිස්‌තානු කුඩු රජා දැලේ

Spread the News

බෝල්ට්‌ ඇණවල දමා කුඩු කිලෝ 36 ක්‌ ගෙනා
පාකිස්‌තානු කුඩු රජා දැලේ

Pakistan: Drug Addidct

www.citijournal.com

Some 27 million people worldwide are problem drug users, with almost one percent every year dying from narcotics abuse, while cannabis remains the most popular drug, a UN report showed Pakistan’s geographicsource:

හේමන්ත රන්දුණු

හෙරොයින් කුඩු කිලෝ 36 ක්‌ බෝල්ට්‌ ඇණ ඇතුළත දමා මෙරටට ගෙනා මහා පරිමාණයේ කුඩු ජාවාරම්කරුවකු වන පාකිස්‌තානු ජාතිකයා පෙරේදා (18 වැනිදා) නුවර ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.පාකිස්‌ථානයේ සිට මෙම ජාවාරම්කරු ගෙන එනු ලබන කුඩු මෙරට බෙදාහරිනු ලබන ප්‍රධාන නියෝජිතයන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පාකිස්‌ථානු ජාතිකයා සැඟවී සිටි ස්‌ථානය සොයා ගත් බව වැටලීම සිදුකළ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.

මෙම පකිස්‌ථානු කුඩු ජාවාරම්කරු මීට පෙර තුන් වතාවක්‌ මහා පරිමාණයෙන් මෙරටට කුඩු ගෙන්වා ඇති බවද මෙම වැටලීම් සිදුකළ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ විශේෂ කණ්‌ඩායම මගින් අනාවරණය කරගෙන තිබේ.

කුඩු රැගෙන එනු ලැබූ කන්ටේනරය පරීක්‍ෂා කර එම කුඩු තොගය රේගු නිලධාරින් විසින් සොයා ගනු ලැබූ දිනයේත් මෙම පාකිස්‌ථානු ජාතිකයා රේගුවට පැමිණ ඇත. ඔහු එසේ පැමිණ ඇත්තේ කුඩු කන්ටේනරය මුදා ගැනීමටය. එහෙත් කුඩු තොගය හසුවූ බව දැනගත් මෙම ජාවාරම්කරු හෙමින් සීරුවේ එතැනින් පලාගොස්‌ ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය විය.