මෙරටට එරෙහිව ජාත්‍යන්තර විමර්ශණයක් අවශ්‍ය වන්නේ කාටද?

Spread the News

මෙරටට එරෙහිව ජාත්‍යන්තර විමර්ශණයක් අවශ්‍ය වන්නේ කාටද?

source:

     මෙම වසරේදීද නැවතත් පසුගිය මාර්තු 3 දා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ නමැති කුමන්ත්‍රණය දියත් විය. දිගින් දිගටම ක්‍රියාත්මක වන මෙම චෝදනාවන්හි නැවතීමක් නැති අතර මෙවරද බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක වන චැනල් 4 රූපවාහිනියේ කැලම් මැක්‌රේ ශ්‍රී ලංකාවට එරෙහිව  වීඩියෝ පටයක්‌ නිර්මාණය කළේය.

බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය විසින් දර්ශණ සපයා ඇති එකී වීඩියෝ පටයෙන් පිළිබිඹූ කරන්නේ මියගිය කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් පවා ශ්‍රී ලංකා හමුදා සෙබළුන් පළි ගන්නා බවයි. මේ දර්ශන කවදා වීඩියෝ ගත කළා ද යන්න මා දන්නේ නැහැ. මියගිය කොටි කැලෑ ඇඳුම් ඇඳ සිටින බවත් එකී දර්ශනවල දැක්‌වෙන්නේ නැතැයි මැක්‌රේ විසින්ම එහිදි පවසා ඇත.

බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය අංක එකේ කොටි සංවිධානයක් වන අතර එමගින් ලබාදෙන දර්ශණ පිළිබඳව කිසිදු විශ්වාසයක් තැබිය නොහැක. වන්නි මෙහෙයුම නතර කිරීමටද එකී සංවිධානය දැඩි උත්සාහයක යෙදුණි. දැන් මැක්‌රේ උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා හමුදා සෙබලුන් සිවිල් වැසියන් ඝාතනය කළ බවට මානව හිමිකම් සමුළුව හමුවෙ නිරූපණය කිරීමය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන 24 ක්,‌ මන්නාරම් රදගුරු ප්‍රමුඛ කතෝලික පූජකවරු කන්‍යා සොයුරියන් 204 ක්‌, ත්‍රිකුණාමල කොටි හමුදා නායක එලීලන්ගේ බිරියද යාපනයේ රාජ්‍යනොවන සංවිධාන 20 ක්,මෙරටින් විදෙස්‌ ගත වූවන් මෙන්ම කොටි බෝම්බකාරියක්‌ ගැන වීඩියෝ පටයක්‌ නිපද වූ නෝර්වේ අධ්‍යක්‍ෂිකා බියටේ ආන්ස්‌ටඩ් ද,හිටපු බී. බී. සී. වාර්තාකාරී ප්‍රැන්සස්‌ හැරිසන් දකුණු අප්‍රිකාවේ හිටපු රදගුරු ඩෙස්‌මන් ටුටූ, හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකා සහ මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ ද ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලයි. මේ හැර ද්‍රවිඩ සංධානයේ නායක ආර්. සම්න්දන් සහ උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් ද ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව විමර්ශන කොමිසමක්‌ ඉල්ලා තිබේ.

නවනීදම් පිල්ලේ

රඳගුරු රායප්පු ජෝසප්

ආර් සම්බන්දන්

මේ අනුව පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ විදේශිකයන්ට වඩා ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ ගැන දඬුවම් කිරීමට අවශ්‍ය වී ඇත්තේ විදෙස්‌ අරමුදල් මත යෑපෙන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරින්ටය. මේ තුලින් කොටි ඩයස්‌පෝරාවේ විශාල මුදල් සම්භාරයක්‌ ලන්ඩනය, ජිනීවා සහ කොළඹ ඔස්‌සේ හුවමාරුවන බව සනාථ කරගත හැක.

කොටි ඩයස්පෝරා උද්ගෝශණ

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ විමර්ශක බෙන් එමර්සන් ඇමරිකාව බේරා ගැනීම සඳහා ත්‍රස්‌තවාදයට එරෙහිව ප්‍රතිචාර දැක්‌වීමේදී සිවිල් වැසියන් මිය යැම මානුෂික නීතිය උල්ලංඝනය කිරීමක්‌ නොවන බව ප්‍රකාශ කර ඇත. එහෙත් මේ ප්‍රකාශය මානව හිමිකම් සමුළුව හමුවේ විවාදයට ගෙන නැත.

මෙම සංවිධාන ක්‍රියාකාරීන් පසුගිය වසර 30 ක කාලයක් තිස්සේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය අප දිවයිනේ බිහිසුණු මිනිස්‌ ඝාතන සිදු කරද්දී එකී ඝාතන ගැන කිසිදු ප්‍රකාශයක්‌ කළේ නැත. මානව හිමිකම් කවුන්සිලයෙන් ප්‍රභාකරන්ට එරෙහි යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළ යුතුයෑයි ඉල්ලීමක්‌ කිරීමට පවා ඔවුහු ඉදිරිපත් වූයේ නැත.එහෙත් මෙරට ජනතාව තිස්‌වසරක කොටි ත්‍රස්‌තවාදයෙන් ගලවා ගත් හමුදාවට දඩුවම් කිරීම සදහා මොවුන් ඉදිරිපත් වී ඇත.

බස් බෝම්බ

මහබැංකු ප්‍රහාරය

දළදා මාළිගාවේ බෝම්බ ප්‍රහාරය

වන්නි මෙහෙයුමේදී 6000 කට අධික සේනාවක්‌ හා නිලධාරීහු දිවිපිදූහ. 20000 කට අධික ආරක්‍ෂක හමුදා සාමාජිකයෝ බරපතල තුවාල ලැබූහ. රටේ ඒකීය භාවය උදෙසා තම වර්තමානය කැපකල එවන් රණවිරුවන්ට ගෞරවය දැක්වීම වෙනුවට අද සිදුවන්නේ ඔවුනට අද මේ ආකාරයෙන් නිදහසේ ක්‍රියාකිරීමට ඉඩකඩ සලසාදුන් එම ශ්‍රේෂ්ඨ රණවිරුවන් පාවාදීමේ ක්‍රියාදාමයයි.

යුධ හමුදා රණවිරු ස්මාරකය

නාවික හමුදා රණවිරු ස්මාරකය

ගුවන් හමුදා රණවිරු ස්මාරකය

ඉතිහාසයේ මෙවන් සිදුවීම් මෙයට පෙර සිදුව නැත. කොටි වෙබ් අඩවි තවමත් මියගිය කොටි ත්‍රස්‌තයන් සමරති. එහෙත් මෙරට අවාසනාවන්ත තත්ත්වය නම් බෝම්බ පිපිරීම් හා බිහිසුණු මිනිස්‌ ඝාතන නතර කළ හමුදාව යුද අපරාධකරුවන් ලෙසට පත් කිරීමට දරන උත්සාහයයි.

මේ ක්‍රියාදාමය විදෙස්‌ සතුරන්ට සහයවීමක්‌ නොවන්නේ ද? ඉන්දියාව, පකිස්‌තානය, බංගලදේශය, ඊශ්‍රායලය සහ ඇමරිකාව ඇතුළු සෙසු රටවල මෙවන් පාවාදීම් සිදුවන්නේද?

ත්‍රස්තවාදීන් විසින් මෙරට සිවිල් වැසියන් ජීවත්වන ප්‍රදේශවල පුපුරුවා හරින ලද බෝම්බවලින් කාන්තාවන් කුඩා දරුවන් ඇතුළු විශාල පිරිසක් මියගිය අතර ඒ පිලිබඳව කිසිදු තැකීමක් නොකරක ඇතැම් කාන්තාවන් හා කාන්තා සංවිධානද අද ශ්‍රී ලංකා හමුදාවට එරෙහි ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශනයක්‌ ඉල්ලා සිටීම පුදුම සහගත තත්වයත් නොවන්නේ ?.

එල්ටීටීය විසින් ඝාතනය කළ සිවිල් වැසියන්

දීර්ඝ කාලයක් තිස්සේ පැවති රුදුරු යුද්ධය නිමා කර රටට සාමය දිනාදී ඉතා කෙටි කාලයක් තුලදී අවතැන්වූවන් නැවත පදිංචිකරමින්,වැරදි කරුවන් පුනරුත්ථාපනය කරමින් හා ජීවත්වන්නන්හට අවශ්‍ය සියළු යටිතල පහසුකම් සලසමින් රට ශීඝ්‍ර සංවර්ධනයකට යොමුකර රටේ ජීවත්වන සියළු ජාතීන් අතර සංහිදියාවක් ඇතිවන අයුරින් රජය විසින් ක්‍රියාකරගෙන යන අවස්ථාවේදී ඔවුන් විසින් කරනු ලබන මෙවැනි ඉල්ලීම තුළින් මෙරට හමුදාවත් රටේ ජනතාවත් විදේශ රටවල්වලට පාවාදෙන බව ඔවුන් විසින් තේරුම් ගත යුතුය.

චුන්නාගම් ප්‍රදේශයේ මෙගා වොට් 24 ක් විදුලි සැපයුමට ලබා දීම

උතුරේ වාරිමාර්ග සංවර්ධනය

නදුන්කානි ජල සැපයුම් ව්‍යාපෘතිය

ප්‍රාථමික හා ද්වීතීක අධ්‍යාපනය

මාර්ග පද්ධතිය හා ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීම

කෘෂි කර්මාන්‍තය දියුණු කිරීම

ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් යුද අපරාධ සිදු කරද්දී ඔවුන්ට ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කළ හැකිද? මෑතකදී ඇමරිකානු අධිකරණය පැවසුවේ ඇමරිකාව ලෝක පොලිස්‌කාරයා නොවිය යුතු බවයි. එසේම මෑතකදී ඇමරිකාව විසින් ඉන්දියාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන බරපතල වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව කාශ්මීරයේ සිරගෙවල්වල දේශපාලන සිරකරුවන් විශාල සංඛ්‍යාවක්‌ සිටින බව ඉන් හෙළි කර ඇත. එසේ වුවද මානව හිමිකම් සමුළුවේදී එකී වාර්තාව ගැන හඬ නැඟී නැත. මේ පසුබිම මැද ශ්‍රී ලංකා හමුදාව පමණක් වරදකරුවන් කිරීමට නවිපිල්ලේ සමඟ උත්සාහ කරන්නේ මෙරට පාර්ශ්වයන්ය.

ලොව අංක එකේ ලාභදායී කර්මාන්තය මානව හිමිකම් කර්මාන්තය යෑයි අයර්ලන්තයේ දේශපාලක ඡේම්ස්‌ ප්‍රින්ගල් වරක්‌ කියා සිටියේය. එය සත්‍යයකි. ප්‍රභාකරන්ගේ සමීපතම ඥතියකු වන සිවාජිලිංගම් ද ජිනීවාහි රැඳී සිටි. ද්‍රවිඩ සංධානයේ පිරිස්‌ ද හෙට අනිද්දා ජිනීවා යාමට සුදානමින් සිටිති. එසේම මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු ද ජිනීවා යැමට දැනටමත් ප්‍රවේශපත්‍ර වෙන් කර ගෙන ඇත. ඔව්හු මාර්තු 26 දා තෙක්‌ නොඉවසිල්ලෙන් සිටී. ඒ ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් බවට තීන්දුවක්‌ එනතෙක්‌ය. එහෙත් සැබෑ යුද අපරාධකරුවෝ කොටි ත්‍රස්‌තයන් හා කොටි ඩයස්‌පෝරාවේ පාර්ශ්වයන්ය.

ඔව්හු කොටි පරාජය වීමේ පලිය ගැනීම ආරම්භකර ඇත. ගත වූ වසර 30 තුළ ප්‍රභාකරන්ට උදව් කළ පාර්ශ්ව මෙරට සිටියේය. එකී පාර්ශ්ව දැන් යළිත් මතුවී ඇත. ඔවුන්ගේ මූලික ඉලක්‌කය ප්‍රභාකරන්ගෙන් ගිළිහුණ උතුරු නැගෙනහිර ඊළම් රාජ්‍යය නැවත ස්‌ථාපිත කිරීමයි.

පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි