Spread the News

2014 ජූනි මස 15 18:55:26 | . , සරත් සිරිවර්ධන, බිමල් ශ්‍යාමන් ජයසිංහ, තුසිත ද සිල්වා, ජේ ඉදුරුවගේ

අලුත්ගම ධර්ගා නගරයේදී අද සවස (15) දෙපිරිසක් අතර ගැටුමක් ඇති විය. කලබලය උත්සන්න වීමත් සමග පොලීසිය කදුළු ගෑස් ගැසුවේය.ඒත් කලබලය සන්සිදවීමට නොහැකි විය.

බොදු බල සේනා සංවිධානය අලුත්ගම නගරයේ පැවැත්වු රැස්වීමෙන් පසුව වාහන වලින් ධර්ගා නගරයේ කුරුදුවත්ත විජයාරාමයට යමින් සිටියේය.පොසොන් පෝදා ධර්ම දේශනයකට වඩිමින් සිටියදී පහර කෑමට ලක් වු අයගම සමිත හිමියන් විජයාරාම පන්සලට වඩමවාගෙන යද්දී මේ සිද්ධිය ඇති විය.

බොදුබල සේනා හිමිවරුද ගිහියන් ද ඒ හිමියන් සමඟ වාහන වලින් නගරයට ඇතුළු වෙද්දී දෙපිරිසක් අතර කලබලයක් ඇති වු බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියති. පාරේ සිටි අයගෙන් වාහනවල ගිය අයට මුලින්ම ගල් මුල් එල්ල විය .ඉන් පසු දෙපැත්තම ගල් මුල් ගසන්නට විය.

සෑහෙන පිරිසකට ගල් මුල් වැදුණු බවත් ඇතැම් පිරිස් පසු පස හබාගොස් පහර දුන් බවත් මාධ්‍යවේදීයෙක් කියයි. ‘පිරිසක් මටත් ගැහුවා’ යැයි ඔහු සහදන් කරයිනගරයේ කඩ සාප්පු වසා තිබිණි.පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලීසිය සිටියදීම වසා තිබු කඩවලට ගල් මුල් එල්ල විය.ඒ සමඟම නගරයේ සිටි අය හා වාහනවල සිටි අය දුවන්නට වුහ.

ගල් මුල් වැදුණු ඇතැමෙක් දුවන්නට වුහ. වෑන් රියක් ද කඩ දෙකකටද ගිනි ඇවිලි තිබිණි.ඇතැමෙක් පහර කෑමට ලක් වුහ.කදුළු ගෑස්  හා ජල ප්‍රහාර එල්ල කරද්දී නගරයේ ඉතිරි වී සිටි පිරිස් ද ඒ අනුව දුවන්නට වුහ.අලුත්ගම නගරයේ කඩ දහයකට පමණ ගිනි තබා ඇතැයි ද වාර්තා  වේ.