Spread the News

කොටි ජාත්‍යන්තර ජාලයේ ගණකාධිකාරිවරයා නෙදර්ලන්ත හිරේ

කිර්ති වර්ණකුලසූරිය

නෙදර්ලන්තයේ හේග් අධිකරණය විසින් වසර 16 ක සිරදඬුවමක්‌ නියම කර ඇත්තේ කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධාන ගණකාධිකාරී එස්‌. රාමචන්ද්‍රන් යයි අනාවරණය වී ඇත.

මොහු නෙදර්ලන්තයේ සිටින ද්‍රවිඩයන් 13000 දෙනෙකුගෙන් වසරකට යුරෝ 2000 බැගින් කප්පම් එකතු කර ඇති බව නෙලදර්ලන්ත නඩු අධ්‍යක්‍ෂවරයා හෙළි කර තිබේ. මොහුට අමතරව නෙදර්ලන්ත කොටි නායකයාවූ ආර්. ශ්‍රී රංගන්ට වසර 10 ක සිරදඬුවමක්‌ නියම වී ඇත.

2003 සිට 2010 තෙක්‌ කාලය තුළ මොවුන් නෙදර්ලන්ත ද්‍රවිඩ ජාතිකයන්ට මරණ තර්ජන එල්ල කර කප්පම් ලබාගෙන තිබෙන බවද හෙළි වී ඇත. නෙලදර්ලන්ත අධිකරණය විසින් දඬුවම් කළ මෙම කොටින්ගේ අනන්‍යතාව මෙතෙක්‌ හෙළිවී නොතිබිණි.