Spread the News

දර්ගා නගරයේ කාණුවකින්
පෙට්‍රල් බෝම්බ 54 ක්‌ හමුවේ


කළුතර සමූහ – විජයසිරි විද්‍යාසේකර

ප්‍රහාරයකට සූදානම් කර තිබූ බවට සැකකරන පෙට්‍රල් බෝම්බ 54 ක්‌ ඊයේ (18 වැනිදා) දහවල් අලුත්ගම දර්ගානගරය පිටුපස පාරේ කාණුවක සඟවා තිබියදී යුද හමුදාව සහ පොලිසිය විසින් සොයාගෙන ඇත.

ගිනිතබා විනාශ කරන ලද යුනයිටඩ් ලී වෙළෙඳසල ආසන්නයේ විශේෂ සෝදිසි මෙහෙයුමක යෙදී සිටි විශේෂ පොලිස්‌ හා හමුදා කණ්‌ඩායමක්‌ විසින් මෙම පෙට්‍රල් බෝම්බ සොයා ගෙන ඇති අතර ඒවා වැඩිදුර පරීක්‍ෂණ සඳහා අලුත්ගම පොලිසියට භාරදී ඇත.

මෙම සිද්ධිය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා අලුත්ගම පොලිසිය විසින් 8 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයිද වාර්තා වේ.