Spread the News

‘කවුදෝ කට්‌ටියක්‌ මට ගැහුවා
කොන්දට මොකක්‌දෝ වෙලා’
– වටරැක විජිත හිමි රෝහලේදී කියයි

නෝමන් පලිහවඩන

‘කවුදෝ කට්‌ටියක්‌ මට පහර දුන්නා. මට ශාරීරික වධ හිංසා කළා. මට හරිම අමාරුයි. මගේ කොන්දට මොකක්‌දෝ වෙලා වගේ යෑයි කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන

වටරැක විජිත හිමියෝ ඊයේ (19 දා) රෝහල් ඇඳේ සිට අප සමග පැවසූහ.

වටරැක විජිත හිමියන් සිටි වාට්‌ටුවට පොලිස්‌ ආරක්‍ෂාව යොදා
තිබුණු අයුරුද දක්‌නට ලැබිණි.

වටරැක විජිත හිමියන්ගේ සුවදුක්‌ විමසීමට පළාත් සභා මන්ත්‍රී අසාත් සාලි මහතා ද පැමිණ සිටියේය.

ස්‌වාමින් වහන්ස කිසිම දේකට බියවන්න එපා. ඔබවහන්සේට අවශ්‍ය කරන ආරක්‍ෂාව අපි ලබාදෙන්නම් යෑයි සාලි මහතා විජිත හිමියන්ට පැවසීය.