Spread the News

සමහර පළාත්වල මුස්‌ලිම් කඩ හා පාසල් ඊයේ වැසේ

අලුත්ගම දර්ගා නගරයේදී සිදුවූ කලබලකාරී තත්ත්වය හේතුකොට ගෙන ඊයේ (19 වැනිදා) දිවයිනේ බොහෝ ප්‍රදේශවල මුස්‌ලිම් ව්‍යාපාරික ස්‌ථාන වසා දැමීමේ විරෝධය දැක්‌වීමක්‌ සිදුවිය.

මෙම විරෝධය දැක්‌වීම උතුරු – නැගෙනහිර පළාත්වල වැඩි වශයෙන් දක්‌නට ලැබුණු අතර මුස්‌ලිම් වැසියන් වැඩි වශයෙන් ජීවත් වන අනෙකුත් ප්‍රදේශවලද මේ තත්ත්වය දක්‌නට ලැබිණි.

ඇතැම් ප්‍රදේශවල මුස්‌ලිම් පාසල් ද වසා තිබුණු බවට වාර්තා විය. වෙළෙඳසල් හා කඩ සාප්පු වසා දැමීම නිසා සාමාන්‍ය ජන ජීවිතයට යම් බලපෑමක්‌ එල්ල වී තිබූ බවට ද වාර්තා විය.

විජයසිරි විද්‍යාසේකර – කළුතර සමූහ, නින්දවුර් – අලියාර් මුසම්මිල්, මඩකලපුව – ජවුර් ඛාන්, වවුනියාව – දිනසේන රතුගමගේ