Spread the News

දියකාවාගෙන් ප්‍රහාර

සිරිමෙවන් කස්‌තුරිආරච්චි

නැගෙනහිර පළාතේ මේ වනවිට ක්‍රියාත්මක වන”දියකාවා” ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ අභ්‍යාස මෙහෙයුමේ නිරත හමුදා බළඇණි විසින් ඊයේ (10දා) සතුරු ඉලක්‌ක 06 කට ප්‍රහාර එල්ල කළ බව යුද හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පැවැසීය. යුද, නාවික සහ ගුවන් හමුදාවේ 5000 කගේ පමණ සහභාගිත්වයෙන් ඉකුත් 03 වැනිදා ආරම්භ වු “දියකාවා” මෙහෙයුම ත්‍රිකුණාමලය සහ මඩකලපුව ප්‍රදේශවල ක්‍රියාත්මක වෙමින් පවතී.

යුද හමුදා විශේෂ බලකාය සහ කමාන්ඩෝ රෙජිමේන්තුව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් හා සෙබළුන් සමග මෙම ඒකාබද්ධ මෙහෙයුමට චීනය, බ්‍රසීලය, නේපාලය, මාලදිවයින, පාකිස්‌ථානය, බංග්ලාදේශය යන රටවල හමුදා නිලධාරීහු 75 දෙනකු සහභාගි වී සිටිති.

හඳුනාගත් සතුරු ඉලක්‌ක 21 ක්‌ විනාශ කිරීම සඳහා සිදු කෙරෙන මෙම මේ “දියකාවා” යුද අභ්‍යාස මෙහෙයුම 23 වැනිදා අවසන් වීමට නියමිතය.