උතුරේ රජයේ ඉඩම් රැසක කොටි මහවිරු පවුල් පදිංචි වෙලා
දුම්රිය දෙපාර්තමේන්තුව, වී අලෙවි මණ්ඩලය, කන්කසන්තුරේ වරාය ඇතුළු රජයට අයත් ඉඩම් රැසක කොටි මහවිරු පවුල් යෑයි හඳුන්වන පිරිස් පදිංචිව සිටින බව හෙළිවී ඇත.
යාපනය කච්ෙච්රියේ තිබූ ඉඩම් ඔප්පු සියල්ල විනාශ කර දැමීමෙන් පසු මෙම ඉඩම් කොටි සංවිධානය විසින් ඔවුන්ට ලබා දී තිබේ. 2009 මැයි මස 20 දායින් පසු උතුරේ ඉඩම් සඳහා ව්‍යාජ ඔප්පු රැසක් සකස් වී ඇති බව ද හෙළිවී ඇත.