Spread the News

ජනපති සටනට මුල්ම ඇපය සීලරතන හිමිගෙන්

රනිල් ධර්මසේන

ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ ඊයේ (24 දා) මුලින්ම ඇප මුදල් තැන්පත් කර ඇත. රාජගිරිය මැතිවරණ කාර්යාලයට ඊයේ පෙරවරුවේ පැමිණි සීලරතන හිමියෝ සිය ඇප මුදල් තැන්පත් කළහ. දේශපාලන පක්‍ෂයක අපේක්‌ෂයකු රුපියල් 50,000 ක්‌ද ස්‌වාධීන අපේක්‌ෂකයකු රුපියල් 75,000 ක්‌ද ඇප තැන්පත් කළ යුතු වෙයි. ඇප තැන්පත් කිරීම ලබන මස 07 වැනිදා මධ්‍යහ්න 12.00 ට අවසන් වෙයි.