Spread the News

මෛත්‍රීපාල වෙනුවෙන් ජ. වි. පෙ. ගෙන යන්නේ “මෙන්න සතා” “අන්න පොල්ල” “මං සිල් අරං” යන ප්‍රතිපත්තිය
– ඇමැති විමල් වීරවංශ

දයා ලංකාපුර

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී සරත් ෙෆdන්සේකා ඉදිරියට දමාගෙන රටපුරා ගිය ජනතා විමුක්‌ති පෙරමුණ මෙවර ජනාධිපති වරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ගෙන යන්නේ “මෙන්න සතා, අන්න පොල්ල, මං සිල් අරන්” යන ප්‍රතිපත්තියයි.

මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කොට රට අස්‌ථාවර කිරීමේ බටහිර කුමන්ත්‍රණයක්‌ තිබෙන බව ඔවුන් දන්නවා. මෛත්‍රීපාල සිරිසේන පිළිබඳව ජවිපෙ වගකීමක්‌ නොගන්නේ ඒ නිසා යෑයි ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

ඇමැතිවරයා මෙසේ පැවැසුවේ කොළඹ ටී. බී. ජයා මාවතේ පිහිටි ශ්‍රී.ල.නි.ප. මූලස්‌ථානයේ ඊයේ (5 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ වීරවංශ මහතා දින 100 කින් ව්‍යවස්‌ථාව වෙනස්‌ කොට රනිල් වික්‍රමසිංහ මහතා විධායක අගමැති කිරීමට යන මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳ රනිල් වික්‍රමසිංහ සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම රටට හෙළි කළ යුතු බව ද කීය. එවැනි ගිවිසුමක්‌ නැතැයි ඔහු පවසන්නට පුළුවන්. එත් කිසිදු ගිවිසුමක්‌ නැතිව රනිල් යූ. ඇන්. පී. ඡන්ද ලබාදී මෛත්‍රීපාල ජනාධිපති කරවන්න ඉදිරිපත් වේ යෑයි සිතන්න පුළුවන්ද? හෙළ උරුමයත් මෛත්‍රීපාලත් අතර ඇති කරගත් ගිවිසුම දැන්a හෙළි කර තිබෙනවා එසේනම් රනිල් මෛත්‍රීපාල ගිවිසුම හෙළි කරන්න බැරි ඇයි දැයි වීරවංශ මහතා ප්‍රශ්න කළේය.

ඒ මහතා මෙසේ ද කීවේය.

හෙළ උරුමය සමග සිරිසේන ඇතිකරගත් ගිවිසුමේ ඒකීය ශ්‍රී ලංකාවක්‌ ගැන සඳහන් වෙනවා. ඒත් විපක්‍ෂ සන්ධානයේ නායිකාවක වන චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය කියන්නේ එක්‌සත් රටක්‌ ඇති කරන බවයි. ඒකීය රටක්‌ කියන්නේ ෙෆඩරල් රටක්‌ කියන එකයි. දින 100 ක්‌ ඒකීය රටක්‌ ලෙස සිට ඉන්පසු ෙෆඩරල් රටක්‌ හදනවාට හෙළ උරුමය කැමැති දැයි අප අහනවා.

අද හෙළ උරුමය 17 වැනි සංශෝධනය ක්‍රියාත්මක කොට කොමිෂන් සභා ඇති කළ යුතු යෑයි කියනවා. ඒත් එදා අපි 17 වැනි සංශෝධනය ගෙන එන විට පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ දකුණු අප්‍රිකානු මොඩලය අනුව ස්‌වාධීන කොමිෂන් සභා පිහිටුවීමට ඔවුන් විරුද්ධ බවයි. එසේ නම් දැන් ඇයි නැවතත් කොමිෂන් සභා ඉල්ලන්නේ. මෙයින් පේන්නේ මොවුන් වැඩ කරන්නේ පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව බවයි.

ලිබියාවේ ගඩාෆsගේ පාලනය සමයේ නොතිබූ ප්‍රජාතන්ත්‍රවාදය ලබා ගැනීමට ගිය ලිබියාවට අද මොකද වෙලා තිබෙන්නේ ඒ කාලේ ලිබියාවේ ජනයාට විදුලිය නොමිලේ ලැබුණා. අද එසේ ලැබෙනවාද? අද ලිබියාව විනාශවෙලා ඒ තත්ත්වය ලංකාවේත් ඇති කරන්නයි මේ අය කටයුතු කරන්නේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුණොත් ජනාධිපති සහ අගමැති අතර බල අරගලයක්‌ ගැටුමක්‌ ඇතිවේවි. ඉන්පසු සිංහල මුස්‌ලිම් ගැටුම් ඇතිවේවි. ජනතාව මොවුන්ගේ මේ උපක්‍රමවලට රැවටෙන්නේ නැහැ.

ශ්‍රීලනිප මහලේකම්, ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා – ජනාධිපතිතුමාගේ කටවුට්‌ පෝස්‌ටර් ආදිය රටපුරා ගසා තිබීම ගැන විපක්‍ෂය චෝදනා කරනවා. අපේ පක්‍ෂයේ සාමාජිකයන් ආධාරකරුවන් හා පක්‍ෂ සංවිධාන විසින් ජනාධිපතිතුමාගේ පෝස්‌ටර් කටවුට්‌ රටපුරා ගසා තිබෙනවා. ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තිය හා උපන් දිනය වෙනුවෙන් ගැසූ මේ කටවුට්‌ ආදිය තවමත් තිබෙනවා. නාම යෝජනා බාර දෙන අවස්‌ථාව වන විට ඒවා ඉවත් කරාවි. නාම යෝජනා බාර දීමට පෙර කටවුට්‌ ගැසීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්‌ නොවෙයි.

අද ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය ගැන කතා කරන එක්‌සත් ජාතික පක්‍ෂය ඔවුන් බලයේ සිටි කාලයේදී ඡන්ද නාමලේඛනවල හොර ඡන්ද ලියාපදිංචි කොට තිබුණා. එකල එක අත්සනකින් හොර ඡන්ද 2000 ක්‌ 3000 ක්‌ පමණ එසේ ලියාපදිංචි කර තිබුණා අපේ ආණ්‌ඩුව තමයි ඡන්දය දැමීමේදී ජාතික හැඳුනුම්පත අනිවාර්ය කොට හොර ඡන්ද දැමීම නතර කළේ.

බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා(- බස්‌නාහිර පළාත් සභාවේ අයවැය පරදීවි යෑයි විපක්‍ෂය ප්‍රචාරය කළත් වැඩි ඡන්ද 14කින් එය සම්මත වුණා. හෙට අනිද්දා වන විට බස්‌නාහිර පළාත් සභාවේ විපක්‍ෂයෙන් ඇවිත් පිරිසක්‌ අපට එකතු වෙන්නට පුළුවන්.