Spread the News

මේ, “මහත්මා ශාන්ති” ලෙස තමාවම හඳුන්වා ගනු ලබන ශාන්ති පුෂ්පකුමාර ජයසේකර නැමැත්තාය..ජයසේකර මුදියන්සේලාගේ ශාන්ත පුෂ්පකුමාර ලෙස ලංකාවේ ලියාපදිංචි මොහු, වැලිමඩ ප්‍රදේශයේ උපත ලද, උපතින් බෞද්ධයෙකි..එහෙත්, රුසියාවේදී ස්වකීය ආත්ම ලාභය උදෙසා ක්‍රිස්තියානි ධර්මය වැළඳ ගත් මොහු, දේව ගැතියෙකු ලෙස ප්‍රකටව, රුසියානු ආගමික අන්තවාදී සරසවියකින් ආචාර්ය උපාධියක් ලබා ගැනීමට සමත් විය..රුසියානු රජයට ඉමහත් හිසරදයක් ව පැවති, ඇමරිකාව විසින් පෝෂණය කරනු ලබන “චෙච්නියානු” ගරිල්ලා මාෆියාව සමඟ සෘජු සබඳතා පැවැත්වූ බව කියන මොහු, බොහෝ ලාංකික දමිළයන්ට, හා එල්.ටී.ටී.ඊ හිතවතුන්ට, හමුදා රැහැණින් මිදී රුසියාවට පලා යන්නට පහසුකම් සලසා දුන් බවද කියැවේ…මුදල් වංචා, ආයුධ වෙළදාම, මිනිස් වහල් සේවය බඳු මාෆියා අපරාධ රැසකට ජාත්‍යන්තරව සම්බන්ධ බවට සැක ඇති මොහු, රුසියාවේ International University of Fundemental Studies නම් කිසිදු නමක් දිනා නොමැති උපාධි කඩයට අනුබද්ධව පවත්වා ගෙන යන ආයතනයක් මඟින් අපවත් වී වදාල ගංගොඩවිල සෝම හිමිපාණන්ට ආචාර්ය උපාධියක් පුද කරන්නට උන් වහන්සේව රුසියාවට වඩමවා ගත්තේය..මේ වන විට සෝම හිමි ඝාතනයේ ප්‍රධානතම සැකය යොමු වී ඇත්තේ මොහු වෙතය..සෝම හිමි හදිසියේ ගිලන් වූ වග අසා බොහෝ බොදුවන් වහ වහා මුදල් පරිත්‍යාග කරන්නට ඉදිරිපත් වුවත් මොහු ඒ ප්‍රතිකාර කිසිවක් ලැබෙන්නට සලස්වා නැති බවට සැලවෙමින් පවතී..එමෙන්ම සෝම හිමිව ප්‍රධාන නගරයක නොතබා, අතිශයින් හුදෙකළා, හොල්මන් මන්දිරයක් බඳු වූ රුසියාවේ අතිශය දුෂ්කර ගම්මානයක රඳවා තබාගෙන සිට ඇත්තේද මොහු බවට සැක පහළ වෙමින් පවතී…ඒ කරුණු කාරණා සැබෑවක් නම් “ගංගොඩවිල සෝම සමිඳුන්ගේ ඝාතනයේ පළමු වග උත්තර කරුවා” මේ පුද්ගලයාය…..පහත දැක්වෙන්නේ ඔහුගේ පුද්ගලික වෙබ් අඩවියයි.

http://www….mahatmashanti.com/

මාෆියා මුදලින් මොහු ධනවත් වූ වග කියන්නේ ශ්‍රී ලාංකිකයන් පමණක් නොවේ..රුසියාවේ සිටින විවිධ ජාතිකයන්ද එයම කියති.මොහුගේ මූලිකත්වයෙන්ම දැන් රුසියාවේ උපාධි හදාරන්නට පැමිණෙන බොදු, තරුණ, තරුණියන්ව ක්‍රිස්තියානි නිකායකට හරවා ගැනීමක් සිදුවන බවටද රාවයක් පැතිර යමින් පවතී…මොහුට ලංකාවේ බොහෝ දේපළ ඇත..නමුත්, එවැන්නෝ එසේ පසු වෙද්දී, ගංගොඩවිල සෝම හිමිගේ ඝාතනය සම්බන්ධයෙන් පත් කළ කොමිසමට කුමක් වුණාදැයි අසන්නට ඒ ගැන අළෙවි කොට දේශපාලනයට පිවිසි කිසිවෙකුටත් උනන්දුවක් නොමැත.රුසියාවේ මෙවැනිම තවත් විශ්ව විද්‍යාලයක් යැයි කියා ගන්නා ආගමික මධ්‍යස්ථානයක් තුළදී සිංහල තරුණියන් දෙදෙනෙකු අමු නිරුවතින් තටාකයක බස්සවා බෞතීස්ම කරන ජුගුප්සා ජනක දසුනක් පිළිබඳවද රාවයක් මේ දිනවල යුරෝපයට රුසියාවෙන් ආ සිංහල තරුණයන් පිරිසක් නිසා පැතිරෙමින් පවතින බැවින් හදිසියේ මේ පුද්ගලයාවද සිහිපත් විය..ඒ සිද්ධියට මොහුගේ සම්බන්ධයක් ඇත්දැයි නොදනිතත්, රුසියාවට අධ්‍යාපනය සඳහා යන ලාංකිකයන් ගැන කවුරුවත් සොයා බලනවාද?.රුසියාවට අධ්‍යාපනය සඳහා යන ලාංකිකයන් ගැන කවුරුවත් සොයා බලනවාද??
මේ ගැනනම් විමසිල්ලෙන් ඉන්න ඕනි. දැන් රුසියාවට උපාධියක් කරන්න ගොඩක් අය යනවා. මේ මිනිහා ඒ අයගෙත් මොළ සේදීමක් කරනවා ඇති. යන්න කලින් අපේ දන්න කොල්ලන්ට කෙල්ලන්ට මුන් ගැන දැනුවත් කරන්න ඕනි.චන්ද්‍රිකා කුමාරතුංග පාලනයට සෝම හිමිට කුමක් වූවාදැයි සොයා බලන්නට “සැබෑ” වුවමනාවක් නොතිබිණි..ඒ ගැන තේරුම් ගැනීමට හැක..මක් නිසාද ඒ පාලනය යනු, සෝම හිමි තබා බුදු හිමි වැඩ සිට, බුදු හිමියන්ට ජීවිත තර්ජනයක් කවුරුන් හෝ එල්ල කළත් ඇහැක් ඇර නොබලන පාලනයක් වීමෙනි..නමුත්, මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි! සෝම හිමි කොමිසම නිසි පරිදි එහි අරමුණු කරා යොදවනු මැනවි! එමෙන්ම, දේශයට පියෙකු වන් ඔබතුමාගේ, රුසියාවට යන දූ දරුවන් ගැන මීට වඩා සොයා බලනු මැනවි!.එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ හා ඇමරිකා එක්සත් ජනපදයේ, මුල් බැස ගත්, බලවත් හා ධනවත් සිංහල පවුල් හා වෙහෙර විහාර ඇති හෙයින්, ඒ රටවලට යන අපේ බෞද්ධ සිසු, සිසුවියන් ගැන සොයා බලන්නට අඩුම තරමේ “සිංහල සමාජයක්” එහි ඇත..නමුත් සිංහල බලය ක්ෂීණ, බෞද්ධ බලය අතිශයින් දුර්වල රුසියාවටත්, පැරැණි සෝවියට් රටවලටත් යන බෞද්ධයන්ට කුමක් වනවාදැයි සොයන්නට ඒවායේ ක්‍රියාත්මක තකතීරු “දූත” සේවා අසමත්ය.