සත්‍යය කවදා හෝ ජයගනු ඇත – හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

Spread the News

සත්‍යය කවදා හෝ ජයගනු ඇත
– හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

අනුර බාලසූරිය

මට සහ මගේ පවුලටත්, කිසිදු පදනමකින් තොරව ද්වේශ සහගත මඩගැසීම් එල්ල කළත් සත්‍යය කවදා හෝ ජයගනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කරයි.

තමන්ටත් තම පවුලටත්, පැවැති රජයටත් එරෙහිව එල්ල කරන අවලාද සහිත චෝදනාවලින් මහජනතාව නොමඟ යෑවීමට උත්සාහ දරන බව කියමින් හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ එසේ සඳහන් වේ.

කවරෙකුට හෝ විෂමාචාර චෝදනා ඇත්නම් ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පිළිගත් ක්‍රියාමාර්ග ඇති නමුත් සිදු වන්නේ ජනමාධ්‍ය හරහා ද්වේෂ සහගත ලෙස මඩගැසීමක්‌ බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මහා භාණ්‌ඩාගාරයට අයත් රත්‍රං ජනාධිපති ආර්යාවට තබා මහා භාණ්‌ඩාගාරයේ ලේකම්වරයාටවත් ඒ ආකාරයෙන් හොර රහසේ විකුණා දැමීමට නොහැකි බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය අතරවාරයේත් ඉන් පසුවත් තමාට එරෙහිව කිසිදු පදනමකින් තොරව විවිධ චෝදනා අන්තර්ජාලයේ වෙබ් අඩවි හා ෙµaස්‌ බුක්‌ වැනි සමාජ ජාල හරහා පතුරුවා යෑවූ බවත්, එම චෝදනා ගණන් නොගෙන ඒවාට නිසි කලට ප්‍රතිචාර නොදැක්‌වූ බවත් ස්‌වයං විවේචනාත්මකව පිළිගන්නා හිටපු ජනාධිපතිවරයා සත්‍ය කවදා හෝ ජයගනු ඇතැයි තම විශ්වාසය බවද එහි සඳහන් වේ.