ඇමති ජෝන්ට එරෙහිව විශ්වාසභංගයක්

Spread the News

ඇමති ජෝන්ට එරෙහිව විශ්වාසභංගයක්

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. අගවිනිසුරුධූරයේ මෙතෙක් කටයුතු කළ මොහාන් පිරීස් මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වු නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව කියා සිටියා.

මේ අතර අගවිනිසුරුධූරයේ කටයුතු කළ මොහාන් පිරීස් මහතා ඉවත් කිරීම සහ ශිරානි බණ්ඩාරනායක මහත්මිය නැවත අගවිනිසුරුවරිය ලෙස පත් කිරීමට විරෝධය පළ කරමින් විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කළු පටි පැළඳ පාර්ලිමේන්තු සභා ගර්භයේ විරෝධතාවක නිරත වුණා. මේ හේතුවෙන් පස්වරු 03.10ට පමණ සභාවේ කටයුතු විනාඩි 10කට අත්හිටුවීමට නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා තීරණය කළා. ඉන් පසු සභාව නැවත රැස්වු අතර මේ වන විට විවාදය පැවැත්වෙන බවයි නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ.

– See more at: http://nethfm.com/article/55502#sthash.LRhCrJm1.dpuf