“බොදු බලසේනා, අර බලු සේනා ඔබලාට ගහන්න ආවොත් අපි උන්ව බලු කුඩු වලට දමනවා” – චන්ද්‍රිකා

Spread the News

“බොදු බලසේනා, අර බලු සේනා ඔබලාට ගහන්න ආවොත් අපි උන්ව බලු කුඩු වලට දමනවා” – චන්ද්‍රිකා

“බොදු බලසේනා, අර බලු සේනා ඔබලාට ගහන්න ආවොත් අපි උන්ව බලු කුඩු වලට දමනවා” – චන්ද්‍රිකා

බොදු බලසේනා මුලස්ථානය විසින් ප්‍රසිද්ධ කිරීමට අප වෙත ඒවා ඇති ප්‍රකාශයක් සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් කරනා ලද ප්‍රකාශයක් පහතින් සඳහන් කරමු.
හිටපු ජනාධිපති තුමිය චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය බොදු බල සේනා පිලිබඳව 2015 පෙබරවාරි මස 1 වන දින තිහරියෙදී කරනු ලැබූ සියලු ප්‍රකාශයන් බොදු බල සේනා වශයෙන් අපි දැඩි ලෙස හා පිළිකුල සහගතව ප්‍රතික්ෂේප කරමු .
මුස්ලිම් වරුන් ඉදිරියේ මෙලෙස නොදන්නා බොරු ප්‍රකාශ කරමින් මුස්ලිම් වරුන් ඉදිරියේ බොදු බල සේනා හා සිංහල බෞද්ධයින් අපහසුතාවයට පත් කිරීමට හා පිළිකුලට ලක් කිරීමට ගනු ලැබූ ක්‍රියාදාමයන් වර්තමාන රජය ගෙන යන යහපාලනයට කෙසේ උපකාරී වනවාද යන්න ඉතා අපැහැදිලිය.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෝ රාජපක්ෂ රජය විසින් බොදු බල සේනා නිර්මාණය කිරීම කිසිසේත් පිළිගත නොහැකි බොරුවක් බව ප්‍රකාශ කරන අතර හිටපු ජනාධිපතිනිය වහයෙන් ප්‍රකාශ කරද්දී මෙයට වඩා නිවැරදි තොරතුරු මත කටයුතු කිරීම ඇයට මෙන්ම රටටද හිතකර බව තවදුරටත් ප්‍රකාශ කරමු .
රාජපක්ෂ රජයට එරෙහිව කටයුතු කිරීමට බොදු බල සේනා මෙලෙස වැරදි ලෙස භාවිත නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
අලුත්ගම සිදු වූ අවාසනාවන්ත සිදුවීම් පිළිබඳ ව අපක්ෂපාත පරීක්ෂණයක් කරන ලෙස රාජපක්ෂ රජයෙන්ද අනතුරුව මෛත්‍රීපාල රජයෙන්ද අප විසින් ඉල්ලා සිටි අතර එසේ නිවැරදි පරීක්ෂණයක් සිදු කළහොත් හා එම තොරතුරු නිවැරදිව ලොවට හෙළි කළහොත් සැබෑ අපරාධකරුවන් කවුරුන්ද යන්න සැමට පැහැදිලි වනු ඇත.
මේ පිලිබඳව තීරණ ගැනීමට වැදගත් විය හැකි තොරතුරු මේ සමග ඉදිරිපත් කරමු.

දිලන්ත විතානගේ,
ප්‍රධාන විධායක නිලධාරී,
බොදු බල සේනා ජාලය,
බොදු බල සේනා ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය,
144/A, හයිලේවල් පාර, කිරුලපන