වවුනියාවේදී පොලිස්‌ නිලධාරියකුට වෙඩි

Spread the News

වවුනියාවේදී පොලිස්‌ නිලධාරියකුට වෙඩි

ලසිත දුමින්ද – චමින්ද සිල්වා

වවුනියාව, සූඩවෙන්දපිලව් ප්‍රදේශයේ මුර සංචාරයක නිරතව සිටි පොලිස්‌ භට කණ්‌ඩායමකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එක්‌ පොලිස්‌ නිලධාරියකු තුවාල ලබා ඇත.

පෙරේදා (04 වැනිදා) අලුයම 1.30 ට පමණ හතර දෙනෙකුගෙන් සමන්විත පොලිස්‌ කණ්‌ඩායමක්‌ අදාළ ප්‍රදේශයේ මුර සංචාරයක නිරතව සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.

මෙම වෙඩි ප්‍රහාරයෙන් උලුක්‌කුලම පොලිස්‌ මුර පොළට අනුයුක්‌තව සේවය කළ රෝහණ ප්‍රියන්ත ගමගේ නමැති පොලිස්‌ නිලධාරියා මෙසේ තුවාල ලබා ඇත.

ඔහු මේ වන විට වවුනියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි. මෙම වෙඩි තැබීම කවුරුන් විසින් සිදුකළේද යන්න මෙතෙක්‌ අනාවරණය වී නැත.

මේ සම්බන්ධයෙන් විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කිහිපයක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.