ජිනීවා වාර්තාව කල්දැමීමට චීන රුසියා එකඟතාව

Spread the News

ජිනීවා වාර්තාව කල්දැමීමට චීන රුසියා එකඟතාව

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාව සැප්තැම්බර් දක්‌වා කල්දැමීම සඳහා රුසියාව හා චීනය මානව හිමිකම් කොමසාරිස්‌වරයාට සිය එකඟතාව ලබාදී ඇත.

එහෙත් මෙම වාර්තාව සැප්තැම්බර් මස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එහි අඩංගු කරුණු ගැන එකී රටවල් සිය නිරීක්‍ෂණ දක්‌වන බව ජිනීවා ආරංචි මාර්ග පවසයි.

මෙම යුද අපරාධ වාර්තාව කෙරෙහි රුසියානු හා චීන නිලධාරීන් 2014 මාර්තු මාසයේ දී විරෝධය දන්වමින් ඊට විරෝධය දක්‌වා තිබුණි.

මෙවරද චීනයේ හා රුසියාවේ සහාය ශ්‍රී ලංකා රජයට හිමිවනු ඇත.