හික්‌කඩුව වනසන රුසියානු අවකෙළි

Spread the News

හික්‌කඩුව වනසන රුසියානු අවකෙළි

* මත්ද්‍රව්‍ය විකුණන්නෙ රුසියානුවන්…
* සමහර රුසියන් කාරයො මෙහෙ ගෙවල් කුලියට අරගෙන සුද්දන්ට රෙන්ට්‌ කරනවා…

හික්‌කඩුව නගරය දෙස්‌ විදෙස්‌ සංචාරකයින්ගේ පාරාදිසයකි. මෙරටට පැමිණෙන බොහෝ විදෙස්‌ සංචාරකයින් හික්‌කඩුව සංචාරක පුරවරය වි`දගැනීමට අමතක නොකරති. මක්‌නිසාදයත් හික්‌කඩුවේ සුන්දර වෙරළ තීරයට මෙන්ම එහි ඇති කොරල්පරවලට විදේශිකයින් වස`ග වන බැවිනි. මේ දිනවල හික්‌කඩුව සංචාරක පුරවරය විදේශීය සංචාරකයින්ගෙන් පිරී ඉතිරී ගොස්‌ තිබේ. විදේශීය සංචාරකයින් පවුල් පිටින් හික්‌කඩුව නගරයේ ඒ මේ අත ගමන් කිරීම මේ දිනවල සුලභ දසුනකි.

මෙවර හික්‌කඩුව සංචාරක පුරවරයට වැඩි වශයෙන් පැමිණ ඇත්තේ රුසියානු ජාතිකයින්ය. හික්‌කඩුවේ සංචාරක කර්මාන්තයේ නිරතවූවන් පවසන්නේ රුසියන් කාරයින්ගෙන් හික්‌කඩුව නගරය පිරීගොස්‌ ඇති බවය. නමුත් මේ අයගෙන් වැඩි පිරිසක්‌ වැඩිපුර වියදම් නොකරන සුද්දන්ය. මොවුන් කෑමට බිමට යම්කිසි මුදලක්‌ වියදම් කිරීම නිසා හික්‌කඩුවේ ආපන ශාලා හිමියන්ගේ නම් අත මිට සරුවී තිබේ. ඇතැම් විදේශිකයින් හික්‌කඩුවෙන් කුලී පදනම මත නිවාස මිලදිගෙන ඒවායේ පදිංචි වෙති.

වසර දෙක තුනකට මෙකී නිවාස කුලී පදනම යටතේ විදෙස්‌ සංචාරකයෝ මිලදී ගනිති. ඉන්පසු විදේශීය සංචාරකයින් මෙකී නිවාස තම හිතවත් විදෙස්‌ සංචාරකයින්ට කුලියට ලබා දෙති. වසර දෙක තුනක්‌ යන විට විදේශීය සංචාරකයෝ හො`ද ගාණක්‌ මෙම කුලි නිවාස වලින් හරි හම්බ කරගනිති. මේ පසුබිමේදී නම් අපේ රටට අත්වෙන සෙතක්‌ නැත. විදේශ විනිමය අපේ රටට ගලාගෙන එන්නේ නැත. අපේ ඇත්තන්ගෙන් ලක්‌ෂ හතර පහකට කුලී පදනම මත මිලදී ගන්නා නිවාස වලින් ලාභ ලබන්නේ විදේශීය සංචාරකයින්ය. වැඩි වශයෙන් මෙකී ජාවාරම කරගෙන යන්නේ රුසියන් කාරයින්ය. මේ අයුරින් හික්‌කඩුව සංචාරක පුරවරය අවටින් විදේශිකයින් කුලී පදනම මිලදී ගෙන ඇති නිවාස සංඛ්‍යාව සියයකටත් අධිකය. ඒ විතරක්‌ නොව, මේ දිනවල හික්‌කඩුවේ සුපිරි වෙළ`ද සැල්වල එළවළු වැඩි වශයෙන් අලෙවි වන්නේ විදේශීය සංචාරකයින්ටය. එමෙන්ම හික්‌කඩුව මාළු වෙළෝද පොළද උදෑසන කාලයේ දී විදේශිකයින්ගෙන් පිරී ඉතිරී යති. විදේශිකයින් වෙළ`දුන් කියන ගණන්වලටම මසුන් මිලදී ගන්නේ නැත. ඔවුහු මසුන් වෙළ`දුන් සමග හරිහරියට හෙට්‌ටු කරති.

විශේෂයෙන් රුසියන් කාරයින් ඇතුළු විදේශිකයින් වෙළෝද පොළෙන් එළවළු මාළු මෙන්ම වෙනත් අඩුම කුඩුම මිලදීගෙන කුලී නිවාසවලට ගොස්‌ උයා පිහා ගනිති. හික්‌කඩුව සංචාරක පුරවරයේ ඇත්තේ මේවැනි තත්ත්වයකි. ඒහෙත් යුරෝපීය රටවලින් නම් සංචාරකයින් පැමිණෙන්නේ ඉතා අඩුවෙනි.

මෙකී සංචාරක පුරවරයේ බලපත්‍ර නැති ඇතැම් අවන්හල්වල මත් පෙති ජාවාරම ජයටම කරගෙන යයි. මෙකි ජාවාරම කරගෙන යන්නේ රුසියානු ජාතිකයින් කිහිප දෙනෙකි. ඒ ස`දහා අපේ අයගේ සහයෝගයද මොවුන්ට හිමිවී ඇත. මෙකී අවන්හල්වල නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියාවන්ද සිදුවේ. අතේ ඇ`ගිලි ගාණටත් වඩා අඩු අවන්හල් හිමියන් කිහිප දෙනෙකු විසින් කරන මෙම ජාවාරම නිසා හික්‌කඩුවේ සංචාරක කර්මාන්තයට කළු පැල්ලමක්‌ එක්‌ වි ඇති බව පවසන්නේ නීත්‍යානුකුලව සංචාරක කර්මාන්තයේ නිරත වූවන්ය.

හික්‌කඩුව සංචාරක පුරවරයේ වෑවල හා නාරිගම අතර කලාපයේ බලපත්‍ර නොමැති අවන්හල් කිහිපයක මෙකි ජාවාරම සිදුකෙරේ. මෙකි ජාවාරම කරගෙන යන්නේ රුසියානු ජාතිකයින් කිහිප දෙනෙකු හා අපේ අය කිහිප දෙනෙකු විසිනි. කොටින්ම කිව හොත් මෙකී අවන්හල්වල දක්‌නට ඇත්තේ රුසියානු කාරයින්ගේ මාµsයාවකි. පළමුව රුසියානු කාරයින් කරන්නේ කුලී පදනම යටතේ අවන්හල් මිලදී ගැනීමයි. ඉන්පසු ඉතා සුක්‌ෂම ලෙස ඔවුහු මෙකී ජාවාරම කරගෙන යති. ඒ අවන්හල්වල ලෝකයේ ඇති ඕනෑම වර්ගයක මත්පැන් තිබේ. එවා අලෙවි කිරීමට මත්පැන් බලපත්‍ර නැත. නමුත් තම බලපුළුවන්කාරකම් යොදාගෙන මොවුහු මෙම ජාවාරම කරගෙන යති. ඒ ස`දහා සුරාබදු නිලධාරීන්ගේද සහයෝගය ලැබෙන බව නීත්‍යානුකුලව අවන්හල් පවත්වාගෙන යන්නෝ පවසති. මේ නිසා රජයට ලැබිය යුතු ආදායමක්‌ නොලැබී යයි. ඒ විතරක්‌ නොව සංචාරක මණ්‌ඩලයෙන් බලපත්‍ර ලබාගෙන එම කොන්දේසිවලට අනුව අවන්හල් පවත්වාගෙන අවන්හල් හිමියන්ට මේ නිසා දැඩි අසාධාරණයක්‌ සිදුවේ.

මෙහි ඇති බරපතලම තත්ත්වය වන්නේ මෙකී අවන්හල්වල මත්පෙති ජාවාරම සිදුකිරීමයි. මත්පෙති ජාවාරම කරගෙන යන්නේද රුසියානුවන්ය. මේ මත්පෙතිවලට ගොදුරුවන්නේ අපේ රටේ වයස අවුරුදු 18,20, ගැටවරයින්ය. තරුණ ගැටවරයින් යොදාගෙන මොවුහු මත් පෙති ජාවාරම කරගෙන යති.

“ඇත්තටම අවන්හල් කිහිපයක තමයි මෙම ජාවාරම කරගෙන යන්නේ… මේවායේ කොකෙන්, එම්.ඩී.එම්. එස්‌ටසි, එල්.එස්‌.ඩි. හසිස්‌, වැනි මත්පෙති වගේම කේරල ගංජාත් අලෙවි කරනවා. මෙම අවන්හල්වලට බලපත්‍ර නැහැ. රුසියානු කාරයින් කිහිප දෙනෙකු හා අපේ තුන් හතර දෙනෙක්‌ එකතුවෙලා තමයි මෙම ජාවාරම කරගෙන යන්නේ. තරුණ ගැටවරයින් තමයි මේකට යොමුවෙලා තියෙන්නේ. ඒ විතරක්‌ නෙවෙයි, විදේශිකයින්ටත් මෙම මත්පෙති වර්ග අලෙවි කරනවා. මෙම අවන්හල්වල පැමිණෙන විදේශිකයින්ට ප්‍රසිද්ධියේම කියනවා තිබෙන මත්පෙති වර්ග ගැන විස්‌තර. මුලදි මෙරටට පැමිණි විදේශිකයන් තමයි බෙහෙත් පෙට්‌ටියේ මත් පෙති දහයක්‌ පහළොවක්‌ දමා ගෙනවිත් මෙම ජාවාරම පටන් ගත්තේ. දැනට වසර පහක සිට මෙම ජාවාරම කරගෙන යනවා. දැන් කොළඹ නගරයෙන් තමයි මත්පෙති ලැබෙන්නේ. ඇත්තටම ඉතා සුළු පිරිසක්‌ විසින් කරගෙන යන මෙම ජාවාරම නිසා පහර වැදෙන්නේ මුළු සංචාරක කර්මාන්තයටයි.”

“පසුගිය කාලයේ ඇතැම් දේශපාලනඥයින්ද මෙම අවන්හල්වලට පැමිණියා. ඇත්තටම රුසියානු කාරයින් මේවා කරන්න බය නැහැ. ඔවුන්ට කෝකත් එකයි.” බලපත්‍ර සහිතව අවන්හල් පවත්වාගෙන යන අවන්හල් හිමියන් කියන්නේ මෙවැනි කථාවකි.

ඒ විතරක්‌ නොව මෙකී අවන්හල්වල ඩිස්‌කෝ ඩාන්ස්‌ද ජයටම සිදුකරගෙන යයි. ඩාන්ස්‌ ස`දහා පැමිණෙන විදේශිකයින් මෙන්ම අගනගරයේ සුපිරි පැලැන්තියේ පවුල්වල තරුණ ගැටවරයෝද නිතැතින්ම මත්පෙති ජාවාරම්කරුවන්ට ගොදුරු වෙති.

මෙකී මත්පෙති වර්ග අලෙවි වන්නේ සුළු පටු මුදලකට නම් නොවේ. කොකෙන් ග්‍රෑම් එකක මිල රුපියල් 20000 කි. එමි.ඩී.එම්. ග්‍රෑම් එකක මිල රුපියල් 18000 කි. එස්‌ටසි මත්පෙත්තක්‌ රුපියල් 3000 කි. එල්.එස්‌.සී. මත්පෙත්තක්‌ රුපියල් 2500 කි. හසිස්‌ කෑල්ලක්‌ රුපියල් 5000 කි. කේරල ගංජා පැකට්‌ එකක්‌ රුපියල් 4500 කි. තරුණයින්ගේ භාෂාවෙන්ම කිවහොත් මෙකී මත්පෙති වර්ග පානය කිරීමෙන් පසු ලැබෙන්නේ කික්‌ එකකි. එල්.එස්‌.ඩී., එස්‌ටීසිS, යන මත්පෙති වර්ග පානය කළ විට එක මොහොතක්‌ එක තැනක සිරීමට නොහැකිය. සිරුරට ලැබෙන්නේ දැඩි උත්තේජනයකි. නිතරම උඩ පනිමින් නැටීමට මේ අය පුරුදුව සිටිති. කොටින්ම කිවහොත් මේ අයට උන්හිටි තැන් පවා අමතක වෙති. දත්කුරු විකමින් වතුර බෝතලයක්‌ තබා ගෙන නිරතුරුව වතුර පානය කරති. කොකේන් ලිංගික උත්තතේජනය වැඩි කරන මත්කුඩු වර්ගයකි. මේවා පානය කරන විදේශිකයින් මෙන්ම අපේ ගැටවරයින් තිරිසනුන් බවට පත් වෙති.

මොවුන් අතර තවත් ප්‍රියතම මත්කුඩු වර්ගයක්‌ ඇත. ඒවාට කියන්නේ ඇසිට්‌ ප්‍රෙපර් කියාය. මෙය මුද්දරයක්‌ වැනි දෙයකි. මුද්දරය කොටු හතරකට බෙදා ඇත. ඒවායේ දක්‌නට ඇත්තේ ශිව දෙවියන් ඇතුළු නොයෙකුත් වර්ගයේ දෙවියන්ගේ රූපයන්ය. මින් එක්‌ කොටසක්‌ රුපියල් 2000 කි. රුසියන් කාරයින් කිහිප දෙනෙකු විසින් කරගෙන යන මෙම ජාවාරම නිසා මත් රකුසාට බිලිවන්නේ අපේ ගැටවරයින්ය. ඩාන්ස්‌වලට අගනගරයේ සිට එන සුපිරි පවුල්වල ගැටවරයින්, සුපිරි පංතියේ කාන්තාවන්, ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන දරුවන් මෙම මත් පෙති ජාවාරම් කරුවන්ට ගොදුරුවෙති. මෙකී ජාවාරමෙන් දිනකට ඇතැම් රුසියානුවන් රුපියල් ලක්‌ෂ තුන හතරක්‌ උපයති.

හික්‌කඩුවේ පමණක්‌ නොව උණවටුන, අරුගම්බේ යන සංචාරක කලාප වලද මෙකී මත් පෙති ජාවාරම කරගෙන යන බව පැවසේ. අධිවේගී මාර්ගය නිසා උණවටුන සංචාරක කලාපයට අගනගරයේ සිට දෙස්‌ විදෙස්‌ සංචාරකයින්ට කෙටි කාලයකින් පැමිණිය හැකිය. සති අන්තයේ නිවාඩු දින වලදී උණවටුන සංචාරක කලාපය දෙස්‌ විදෙස්‌ සංචාරකයින්ගෙන් පිරී යයි. නැටුම් සහිත සාදවලට මොවුහු වැඩි වශයෙන් පැමිණෙති. මත්පෙති ජාවාරම වන්නේ එම සාද වලදීය.

මේ අනුව බලනවිට අපේ සංචාරක කර්මාන්තයෙන් මුදල් උපයන්නේ විදේශිකයින්ය. එසේ මුදල් උපයන්නේද හොර ජාවාරම් වලින්ය. අපේ අයට හුළංය. ගොඩ යනවා නම් මේ වගේ ජාවාරමක්‌ ආරම්භ කළ යුතුය යන ආකල්පය නීත්‍යානුකූලව ස්‌වකීය ව්‍යාපාර පවත්වාගෙන යන උදවියට සිතී තිබේ. ඒ සිතිවිල්ල සියල්ලටම වඩා භයානකය.

ගාල්ල ලලිත් චාමින්ද