Spread the News

The LTTE is a separatist militant group that fought for a separate Tamil state in the north and east of Sri Lanka between 1976 and 2009. The rebel group has been banned by 30 countries, including the United States, Canada, India and the 27 member nations of the European Union.

හිටපු එල්. ටී. ටී. ඊ.සාමාජිකයන්ගෙන් අලුත් පක්‍ෂයක්‌

මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් හා ඔවුනගේ ඥතීන් ඇතුළු පිරිසක්‌ එක්‌ව “ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්” නමින් අලුත් පක්‍ෂයක්‌ පිහිටුවා ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබේ.

මෙම පිරිස යාපනය නල්ලූර් කෝවිල ආසන්න ප්‍රදේශයට 03 වැනිදා රැස්‌වී මෙම තීරණය ගෙන ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දෙමළ අයිතීන් දිනාගැනීම මෙම පක්‍ෂය පිහිටුවීමේ අරමුණ වී තිබේ. එහිදී පහත සඳහන් යෝජනා ද සම්මත කරගෙන තිබේ.

ලබන මැතිවරණයේදී උතුරු නැගෙනහිරට තරග කරන තම නාමයෝජනා ලැයිස්‌තුවට කොටි සංවිධානයේ හිටපු සටන්කාමීන් දෙදෙනකු ඇතුළත් කරන ලෙස දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලීම.

ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් දෙමළ ජනතාවගේ අයිතීන් දිනාගැනීම සඳහා විනිවිදභාවයකින් යුතු දෙමළ දේශපාලන නායකත්වයක්‌ ස්‌ථාපිත කිරීම.

දෙමළ දේශපාලන රැඳවියන්ගේ හැඟීම් හොඳින් තේරුම් ගැනීමට හැකි පිරිසක්‌ වශයෙන් ඔවුන් නිදහස්‌ කර ගැනීමට බලපෑම් කොට අර්ථවත් දායකත්වයක්‌ ලබාදීම.

දෙමළ කතා කරන ජනතාවගේ ජනවාර්ගික ගැටලුවට ස්‌ථිර විසඳුමක්‌ ලබාදීමට දෙමළ ජනතාව හා දකුණේ සාධාරණ දේශපාලන නායකයන් අතර ශක්‌තිමත් සබඳතාවක්‌ ගොඩනැඟීම.

මෙයට අමතරව පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණදීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට සැලසුම් සකස්‌ කොට ඇති බව මෙහිදී තොරතුරු අනාවරණය වේ.