රජීව් ඝාතකයන්ට නිදහස දිය යුතුයි
ඉන්දීය හිටපු විනිසුරු කියයි
චතුර පමුණුව
රජිව් ගාන්ධි ඝාතකයන්ට නිදහස ලබාදිය යුතු බව හිටපු ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාර්කන්ඩේ කට්ජු ප්‍රකාශ කර ඇත.
රජිව් ගාන්ධි ඝාතකයන් වසර 24 ක් සිරගතව සිටි බැවින් මොවුන් නිදහස් කිරීම වරදක් නොවන බව කට්ජු ප්‍රකාශ කරයි.
රජිව් ගාන්ධි ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවට යෑවීම මගින් වරදක් සිදුකළ බවත් ඉන්දීය හමුදා මෙහෙයුම් නිසා දහස් ගණනක් දෙමළ වැසියන් ඝාතනය වූ බවත් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා පවසා ඇත.
හිටපු ඉන්දීය අගමැතිවරයා එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ප්‍රහාරයකට ලක්වූයේ 1991 දීය.