Spread the News

ගිනිඅවියක්‌ සමග අසුවූ පිරිසකට
පැය 24 න් ඇප ලැබුණේ කෙසේද?

– විමල් වීරවංශ ප්‍රශ්න කරයි


අනුර බාලසූරිය

නිත්‍යානුකූල නොවන ගිනිඅවියක්‌ තබා ගැනීම ඇප ලබාදිය නොහැකි වරදක්‌වන අතර එවැනි අවියක්‌ ළඟ තබාගෙන සිටි පුද්ගලයන්ට පැය 24 ක්‌ ඇතුළත ඇප ලැබෙන්නේ කෙසේදැයි ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවැසීය.පැය 24 ක්‌ ඇතුළත එම සිද්ධියට ඇප ලැබීමෙන්ම එයට බලවත් පාර්ශවයක මැදිහත් වීමක්‌ තිබෙන බව පැහැදිලි යයිද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේදී ඊයේ (22 දා) පැවැති මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කළේය.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාගේ නිවසට යන අතුරු මාර්ගයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා වාසය කරන මිරිහානේදී ව්‍යාජ අංක තහඩු සහිත සුදුවෑන් රථයක්‌ සහ ස්‌වයංක්‍රීය ගිනිඅවියක්‌ සමග සිවිල් ඇඳුමින් සැරසුන හමුදා සෙබළුන් සිවුදෙනකු හමුවීමේ සිද්ධිය සම්බන්ධව වීරවංශ මහතා එසේ සඳහන් කළේය.