විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ජවිපෙ අනුරට ද්‍රවිඩ සන්ධානය එකඟ වේ

Spread the News

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ජවිපෙ අනුරට
ද්‍රවිඩ සන්ධානය එකඟ වේ

අජිත් අලහකෝන් – කුෂාන් සුබසිංහ

පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ජනතා විමුක්‌ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතාට පිරිනැමීමට ද්‍රවිඩ ජාතික සන්ධානය එකඟ වී ඇත. විපක්‍ෂ නායක ධුරය හිමිවූයේ ද්‍රවිඩ ජාතික සන්ධානයට නිසා විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පත්කිරීමද සාමාන්‍යයෙන් එම පක්‌ෂයෙන්ම සිදු කර ඇත.

එහෙත් එම අවස්‌ථාව තමන් ජනතා විමුක්‌ති පෙරමුණට පිරිනමන බව ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය.

එම තනතුර විපක්‍ෂයට හිමි තනතුරක්‌ නිසා ජනතා විමුක්‌ති පෙරමුණ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය භාරගන්නා බව විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

 

විපක්‍ෂනායක සම්බන්දන් කොටි ත්‍රස්ථයින්  සමග