Spread the News

ගලගොඩඅත්තේ හිමියන්ට වරෙන්තු

හේමන්ත රන්දුණු

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමි සහ තවත් හිමිනමක්‌ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා කොළඹ අපරාධ කොට්‌ඨාසයට ඊයේ (12 වැනිදා) වරෙන්තු නිකුත් කළේය.

ශුද්ධ වූ කූරානයට අපහාස කිරීම නිපෝන් හෝටලයේ පැවති ජාතික බලසේනාවේ මාධ්‍ය සාකච්ඡාවකට කඩාවැදී ඊට බාධා කිරීම සම්බන්ධයෙන් කොටුව අධිකරණයේ ඊයේ විභාග වූ නඩුවට උන්වහන්සේ ඉදිරිපත් නොවීම නිසා මහෙස්‌ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

ලබන නොවැම්බර් මස 09 වැනිදා මෙම නඩුව කොටුව අධිකරණයේදී නැවත කැඳවීමට නියමිතය.