Spread the News

සැමදා නියං එකදා වැහි වළාවේ
Posted on October 15th, 2015

  චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

වසර තිස් තුනක් පුරා පැවති  කුරිරු යුද්ධය, ඔද තෙද ගුණ බලැති  නායකයෙකුට නිම කිරීමට ගතවූයේ වසර 4ක් වැනි කෙටි කාලයකි. මේ යුද්ධය මෙරට ස්ථාපිත කිරීමට, බටහිර බලවතුන් හා ඉන්දියාව, විශාල ධනස්කන්ධයක් යෙදවූහ. එමෙන්ම වසර  40ක පමණ කාලයක්ද මිඩංගු කලහ. ඒ වැය කල ධනය හා ගොඩනැංවූ ත්රස්තවාදී බලමුළු සියල්ලක්ම අකුණු ගසමින් ඇද හැලෙන මහා වරුෂාවක් මෙන්වූ සංග්රාමශීලිත්වයේ බලයෙන් කඩා හැලුණේ කිසිවෙකු නොසිතූ අයුරිණි.

සටන මෙහෙය වූ රාජ්ය නායකත්වය හා සංග්රාමයේ  පෙරමුණු බල ඇණියන් මෙහෙයවූ සෙනෙවිවරුන් මහා විශාල වරදක් කර ඇති බව වැටහුණි. ඒ මුලු මහත් ලෝකයටම සාමය බෙදා දීමට ගොඩනැංවූ එක්සත් ජාතීන්ගේ‌ සංවිධානයටය. යුද්ධය මහා විනාශයක්ය; එයට යලි ඉස්මතු  නොවීම සදහා කටයුතු කරන්නට ගොඩනැංවූ ලෝක සංවිධානයට, යුද්ධය නිම කිරීම යුධ අපරාධයක්සේ දැනෙන්නට විය. රට පෙලූ‌ූ කුරිරු යුද්ධය නිම කිරීමේ වරද, ක්රම ක්රමයෙන් ඉස්මතු වන්නට විය. රටේ ලක්ෂ 62ක් ජනතාව, සෘජුවම, යුද්ධය නිමකල රණ විරුවන්ට හා‌ දේශපාලන නායකත්වයට එරෙහිව නැගී සිටියහ. කොටි හිතවාදීන් හා අත්වැල් බැද ගත්හ. කොටි හිතවාදිත්වයට රටේ බලය ලබා දුන්හ.

කොටි වනසපු බලය, බලය අයුතු ලෙස යොදවා ගැනීමක් බවට පත්විය. යුධ විරුවන් මහා අපරාධ කරුවන් බවට පත් කොට මරණ දඩුවම්ද ලබාදෙන තත්වයට ජාතික අධිකරණ පද්ඩතිය බලවත් විය. ගම්මාන පිටින් මිනිසුන් හා දරුවන් කපා කොටා සමූහ ඝාතන කල කොටි ඝාතකයින් නිදහස් කල යුතු දේශපාලන සිරකරුවන් බවට දේශපාලන ආරෝපිතයකින් දවටා ලන ලදී.  එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා එහි මානව හිමිකම් කොමසාරිස්ට යුධ විරුවන්ගේ රුධිරයේ සා පිපාසය තදින්ම දැනෙන්නට විය. යුධ විරුවන්ව නීතිමය පදනමකින් මරාදමා, ඒ පිපාසය සංසිදවා ගැනීම ඔවුනගේ අරමුණ විය. ඒ සදහා ජීනිවා වන්දනාවේ පිරිස් එහාට මෙහාට පියාසර කරන්නට විය. 2015 වේ සැප්තැම්බර් මස 30 වෙනිදා, ජීනිවා මානව හිමිකම් කවුන්සලයේදී, යෝජනාවක් සම්මත කොට, දඩුවම්දීම් දීමේ කාර්යය අරඹන බව ප්රකාශ කරන ලදී.

ඒ කියන ලද දිනයේදී එවැන්නක් ජීනිවා කවුන්සලයේ සම්මත නොවිණි. නමුත් හරියටම ඒ කියන ලද දිනයේදී රුසියානු පාර්ලිමේන්තුවේ පනතක් සම්මත විය. ඒ සම්මත කර ගන්නා ලද පනතට අනුව රුසියානු හමුදාවට රටින් බැහැරව යුධ මෙහෙයුම් කිරීමට අවසර ලැබිණි. අවසර ලැබී ගතවූයේ තප්පර ගනනකි. මේ රටේ කොටි ත්රස්තවාදය ස්ථාපිත කොට, මෙරට ජන ජීවිත ලක්ෂ ගනනක් විනාශ කිරීමේ පුරෝගාමිත්වයද, මෙරට රණ විරුවන් දංගෙඩියට දැක්වීමේ පුරෝගාමිත්වයද ගෙන කටයුතු කල ඇමරිකාව ප්රමුඛ බටහිර ජාතීන් විසින් ස්ථාපණය කොට පණ දුන් ත්රස්තවාදී‌‌‌‌‌‌‌‌‌‌‌ කදවුරට ඉතිහාසයේ කිසිදා නොලැබූ අත් දැකීමකට මුහුණ දෙන්නට සිදුවිය. හෙණ පිට හෙණ ගසන්නාක් මේන්වූ නිසි ඉලක්ක ගත රුසියානු ප්රහාර මධයයේ  ඇමරිකානු කුලී ත්රස්ත හමුදාවෝ සිරියාවෙන් හිස් ලූ ලූ අත දුවන්නට වූහ. වසර ගනනාවක් පුරා සිරියාව තුල ආයෝජනය කල ධනය හා ත්රස්ත බලයද බිමට සමතලාකරවීමට ගතවූයේ සතියකට අඩු කාලයකි. බටහිර මහා අධිරාජ්ය දෙදරා ඉරිතලා ගොස් ඇත. රුසියානු ජනාදිපතිවරයා මේ සිදුකරමින් සිටින්නේ; අප විසින් සිදුකොට නවතා දමන ලද යුද්ධයේ ඉතිරි කොටසයි. යුද්ධය යනු යුද්ධයකි. යුද්ධයේදී සතුරන්ව නිසි ලෙස සුද්ද නොකලහොත් මේ වනවිට අපේ රණ විරුවන්ට අත්කිරීමට වෙර දරණ තත්වයන් මතුවීම නොවැලක්විය හැක. එබැවින් අනුකම්පා විරහිතව සතුරන්ව මැඩලිය යුතු බව, භගවත් ගීතාව ඉතා‌ පැහැදිලිව ගෙනහැර දක්වා ඇත. මේ සිදු වෙමින් පවතින්නේ‌ එවන් සටනකි.

සිරියාව, රුසියාවට අයත් නැත. නමුත් සිරියානු ජනතාවගේ මිත්රත්වය රුසියාවට අයත් සම්පතකි. ඒ සම්පත රැක ගැනීම උදෙසා‌ සිරියානු ජනතාව වෙනුවෙන් සටන් වැදීමට රුසියාවට අයිතියක් ඇත. රුසියාව විසින් අප වෙනුවෙන් ජීනිවා මානව හිමිකම් කවුන්සලයේදී උපරිමයෙන්ම දායකත්වය ලබාදී ඇත. අපේ ජන නායකත්වය අපේ සතුරන් සමග අත්වැල් බැදගෙන මෙරට ස්වාධීනත්වය සතුරාගේ දෙපාමුල ඇද දමන මොහොතේදීත් මෙරට ජනතාව වෙනුවෙන් නැගී සිටි රුසියාව අපේ ස දාතනික මිතුරෙකු බව මෙවරද මනාව පෙන්නුම් කලහ. මෙරට ජනතාවගෙන් ලක්ෂ 58 කගේ‌, උත්තරීතර මිත්රත්වයට දක්වන ලද උපහාරයක් ලෙස ශ්රී ලාංකීය දේශප්රේමී පරපුර මේ සටන දකින අතර, මෙය අපේම සටනක්ම ලෙස දකින්නෙමු.

චීනය යුධමය වශයෙන් දුබල තත්වයකදීත් ඉතා පැහැදිලිව ලොවටම ප්රකාශ කර සිටියේ, ඇමරිකා එක්සත් ජනපදය යනු කඩදාසි කොටියකු බවයි. බටහිර අධිරාජ්යවාදීං විසින්, ඒ කඩදාසි කොටියාවම අපේ රටතුල ස්ථාපනය කොට, ඇමරිකාව ප්රමුඛ බටහිර බලවතුන්  අපට කීවේ, මේ කොටියා හරි බලවත් බැවින් මූ සමග සෙල්ලම් නොකර ඌ ඉල්ලන දෙයක්දී ඇග බේරාගන්නා ලෙසයි. අපද මූ ඔය කියන තරම් බයවිය යුතු නැති කඩදාසි කොටියකු බව පෙන්වා දුන් පසු, අප සමග උරන සිටින ඇමරිකා‌ එක්සත් ජනපදය හා බටහිර අධිරාජ්යවාදීන්ට මේ මොහොතේම, රුසියාවද පහරදීම ආරම්භ කිරීම ඉතිහාසයේ මහා සරදමක් සේ පෙනේ. රුසියාව මේ මහා රෞද්ර පෙනුමැති කොටියාවම විනාශ කරමින් මහා සෙල්ලමක් සිදු කිරීම හරහා අප ඉදිරියේ මතුව තිබූ අවදානම නිකම්ම නිකම් පුස්සක් බවට පරිවර්තනයව ඇත. ඒ සමගම බටහිර සරණ යමින් ඒ සරණම පතමින්, බටහිරුන්ට මඤඤොක්කා කැවීම සම්බන්ධව උරණව, බටහිරුන් පිනවීම සදහා යුධ ජයග්රහණය සදහා පෙරමුණ ගත් රණවිරුවන්ගේ, ඇස්, ඉස්, මස් ලේ වලින් සපිරි මහා භෝජන සංග්රහයක් පිළියෙල කිරීමට සැරසෙන ජනාධිපති මෙෙත්රීපාල සිරිසේන නම්වූ ජන නායකත්වයට නම් මහා අමාරු කාලයක ආරම්භය මේ සමගම උදාවෙනු ඇත. ජාත්යන්තර තලයේදී සිය හාම්පුතුන් පහර පිට පහර කමින් වියරුවෙන් දිව යමින් සිටින මේ මොහොතේ, මෙරට රාජ්ය නායකත්වයට උදාවන්නේ ඉතා‌අපහසු කාලයකි.

මේ වනවිට ලෝකය ඉතා පැහැදිලි කදවුරු තුනකට කැඩෙමින්, බිදිමින් වෙන් වෙමින් එ කතු වෙමින් පවතී. ඇමරිකා එක්සත් ජනපදය අද ආර්තික අතින් මෙන්ම යුදමය බලයෙන්ද පිරිහුණ රාජ්යක් ලෙස ලොව ඉදිරියේ නග්නව ඇත.  ඔහු හැරදා යෑමට සූදානම්, ඔහුගේ මිතුරු රාජ්යයන්, රුසියාව සමග ආරක්ෂක ගිවිසුම් වලට පවා එලඹීමට සූදානම් වෙන තත්වයක් තුල, අපද එම තත්වයන්ගෙන් උපරිම ඵල ප්රයෝජන ගැනීමට පෙල ගැසිය යුතුය. රුසියානු රාජ්ය විඤ්ඤාණය සම්බන්ධව අප ඉතා පැහැදිලිව දන්නා මිනිසුන් වෙමු රටවල් වලට කඩා පැන මිනිසුන් මරමින් සම්පත් කොල්ලයක් රුසියාව තුලින් අප කිසිදාක දුටුවේ නැත., එය සැබවින්ම මිත්රශීලි රාජ්යකි.  එහි යුධ ශක්තිය සම්බන්ධවද අපට විශාල විශ්වාසයක්ද ඇත. චීනය, උතුරු කොරියාව, ඉරානය, කියුබාව, සිරියාව, ඉරාකය හා ඊජිප්තුව වැනි රටවල් මේ සටනේදී රුසියාව සමග පෙල ගැසී සිටී. මේ සෑම රටක්ම මෙරට දේශප්රේමී කදවුර සමග සෘජුවම සිට ගන්නා රාජ්යන්ය.

එදා වියට්නාම් ජනතාව ඇමරිකාව සමග  සටන් වදින විට චේගුවේරා සහෝදරයා හඩ නගා ඉල්ලා සිටියේ, ලෝකයේ ප්රගතිශීලී ජනතාවණි. තව වියටනාම් ගනනාවක් බිහි කරව් යන්නයි” අද ඇමරිකාව ප්රමුඛ බල වේගයන්, යුක්රේනයේ හා සිරියාවේ, අන්ත පරාජයන් විදි මින් සිටින මේ මොහොතේදී ලොව පුරා තව තවත් සිරියාවන් ගනනාවක් ලොව පුරාම ගොඩනැංවීම යනු ඇමරිකන් ඇධිරාජ්යවාදයේ මලගම ඉක්මන් කරවීමයි. අපි අපේ රණවිරුවන් නිදහස් කර ගැනීමේ අරගලය වේගවත් කරමු. පැමිණ ඇත්තේ එයට සුදුසු කාලයයි

මුලුමහත් ලෝකය පුරාම අහස ගුගුරවමින් කඩා හැලෙන මේ මහා වරෂාව විසින් මෙතෙක් පැවති නියගය නිමා කරලනු ඇත.

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.