Spread the News

https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcROMSw3gGCjHJlwGHaFHEJmYg4esuxv2bsWW25mKPVL919qhNJB

ලබන 1 දා සිට දුම්රිය මැදිරිවලින් යාචකයන් ඉවතට

අකිත පෙරේරා

දුම්රිය මැදිරි තුළ ගමන් කරමින් සහ දුම්රිය ස්‌ථානවල මගීන්ට බාධා වන පරිදි මුදල් යදින සියලුම යාචකයන් නොවැම්බර් මස පළමුවැනිදා සිට ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එවැනි සියලුම යාචකයන් ඉවත් කිරීමට දුම්රිය ආරක්‌ෂක නිලධාරීන් පොලිසියේ සහායද ඇතිව කටයුතු කරන බව දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතා zදිවයිනZ ට පැවැසීය. ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, නියෝජ්‍ය ඇමැති අශෝක්‌ අබේසිංහ සහ දුම්රිය සාමාන්‍යාධිකාරී විජය අමරතුංග යන මහත්වරුන්ගේ උපදෙස්‌ අනුව මෙම තීරණයට එළැඹි බවත් එය දුම්රිය ආරක්‌ෂක අංශයේ ප්‍රධානි සේනක ජයසේන මහතාගේ මෙහෙයවීම මත සිදු කෙරෙන බවත් හෙතෙම සඳහන් කළේය.

යාචකයන් මෙලෙස මුදල් යෑදීම නිසා දුම්රිය මගීන් අපහසුතාවට ලක්‌වන බවට පැමිණිලි රාශියක්‌ ලැබී ඇති අතර දුම්රිය තුළ මුදල් යෑදීම දුම්රිය ආඥා පනත යටතේ තහනම් වන බැවින් දෙපාර්තමේන්තුව අදාළ තීරණයට එළැඹි බවද ඒ මහතා කීය.

මේ අතර එවැනි යාචකයන් ගැට කපන්නන්ට සහාය දෙන බවටද ගංජා ප්‍රවාහන කටයුතුවල නිරතවන බවටද වාර්තා ඇති බවත්, දුම්රිය මගීන්ගේ ආරක්‌ෂාව සහ පහසුව පතා මෙම තීරණය ගත් බවත් විජය සමරසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.