Spread the News

මහින්ද ජනාධිපති කොමිසමට කැඳවීමෙන්
මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සිහිවෙනවා

මහාචාර්ය ජී. එල්. පීරිස්‌

ජයසූරිය උඩුකුඹුර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විශේෂ ජනාධිපති කොමිසමක්‌ ඉදිරියට කැඳවීමෙන් හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සිහිගන්වන බව මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා පවසයි.

මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළේ 1980 ඔක්‌තෝබර් 16 දා. මහින්ද මහතා විශේෂ ජනාධිපති කොමිසමට කැඳවන්නේ ඊට වසර 25 කට පස 2015 ඔක්‌තෝබර් 16 දිනයදා. මේ විශේෂ කොමිසම්වල කාර්යභාරය හා තීරණ අභියෝගයට ලක්‌ කර ඉහළ අධිකරණයකට යන්න පුළුවන්. සිරිමාවෝ මැතිනියත් එදා කොමිසම දුන් තීන්දු අභියෝගයට ලක්‌ කරලා අභියාචනාධිකරණයට ගියා.

අභියාචනාධිකරණයෙන් ඇයට සහන රැසක්‌ ලැබුණා. නමුත් පාර්ලිමේන්තු පනතකින් ඒ සහන අහෝසි කරලා ඇගේ ප්‍රජා අයිතිය අහෝසි කළා.

වත්මන් රජය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඉදිරි දේශපාලන කටයුතු නවත්වාලීමට ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සිරිමාවෝ මැතිනිය සම්බන්ධයෙන් අනුගමන කළ ක්‍රියා පිළිවෙත ආදර්ශයට ගෙන ක්‍රියා කරන්නේ ද යන්න පිළිබඳව රටේ බුද්ධිමත් ජනතාවට සැකයක්‌ මතු වී තිබෙන බව ද මහාචාර්ය පීරිස්‌ මහතා සඳහන් කළේය.