Spread the News

බලය නොබෙදා පාලනය විමධ්‍යගත කිරීම

ආර්. ඩබ්ලිව්. අමරසිංහ

සත්‍ය වශයෙන් ම ලංකාවේ යුද්ධයක්‌ නොමැත. පවතින්නේ ලංකාව විදේශිකයන්ට (මුල් වරට ආර්යයන්ට කුවේණිය විසින් – දෙවන වරට පෘතුගිසීන්ට දොaන කතිරිනා විසින්) තෙවන වරටත් පාවාදීමේ ලක ලෑස්‌තිය පමණි.

ලංකාවේ සමස්‌ත දෙමළ ජනතාව ජනගහනය ලක්‍ෂ 18 කි. එයින් ලක්‍ෂ 5 උතුරු ප්‍රදේශයේ ජීවත් වන්නේ. නැඟෙනහිර පළාතේ බහුතරය මුස්‌ලිමුන් හා සිහලුන් ය. උත්පත්තියෙන් ම දෙමළ වූ නිසාම ද්‍රවිඩයන්ට පමණක්‌ සීමා වූ පීඩනයක්‌, අසාධාරණයක්‌ සිංහලයන්ගෙන් සිදු වී නොමැත. සමස්‌ත වශයෙන් සිංහල – දෙමළ – මුස්‌ලිම් ජාතීහු පොදුවේ සාමාජික – ආර්ථික – ආගමික හා දේශපාලන අසාධාරණයට පීඩනයට ඉතිහාසයේ මුල සිටම ගොදුරු වී සිටියහ.

මුල් වරට ක්‍රි. පු. 543 දී කුවේණිය විසින් ඉන්දියාවේ ලාට රටින් පැමිණි ආර්ය ආක්‍රමණියෙකුට ලංකාව පාවා දෙන ලදී. දෙවනුව ධර්මපාල හා දොaන කතිරිනා විසින් ලංකාව පෘතුගීසීන්ට පාවා දෙන ලදී. තෙවන වර බලලෝභී උඩරට රදළවරු විසින් (පිලිමතලාවේ – රත්වත්තේ ප්‍රමුඛ) බ්‍රිතාන්‍යයට ලංකාව අයිතිය පවරා දෙන ලදී. අවසාන වරට (1994) සිටම නූතන දේශද්‍රෝ
හී රාජ්‍ය නායක – නායිකාවන් දෙපළ විසින් කොටින්ට හා බ්‍රිතාන්‍ය – ඇමරිකා ප්‍රමුඛ නව යටත්විජිතවාදීන්ට ලංකාව දෙකඩ කිරීමට ක්‍රියා කරති. බටහිර ජාතීන්ගේ දේශද්‍රෝ
හී කොන්දේසි අරමුණු – අභිප්‍රායන් ඉටුකළ නායිකාවන් ලෝකයේ වෙනත් රටවලත් මෑත යුගයේත් සිටියහ.

රටේ සමස්‌ත ජනගහනයෙන් 24% ම සුළු ජාතික ප්‍රජාව නියෝජනය කරති. බෞද්ධ නොවන අන්‍යාගමික සංඛ්‍යාවේ ප්‍රතිශතය ද 28% ඉක්‌මවා ගොස්‌ ඇත. පාර්ලිමේන්තුව මන්ත්‍රීන් 225 අතුරින් සිංහල නොවන මන්ත්‍රීන් සංඛ්‍යාව 54 කි. 2001 ජන සංගණනය අනුව සිංහලයාගේ උත්පත්ති වර්ධන වේගය අඩු වී ඇත. භූමියේ අයිතිය ද සුළු ජාතීන් විදේශිකයන්ට සින්නක්‌කරවම අයිති වෙමින් පවතී. ලෝකයේ වඳ වේගෙන යන ජාතීන් 10 අතරට සිංහලයා පත්කරලීමේ සාහසික ෙ€දවාචකයට 1931 සිටම රට පාලනය කළ සෑම දේශපාලනඥයෙක්‌ම වග උත්තරකරුවෝ විය යුතුය.

අ.පො.ස. සා. පෙළ අසමත් මන්ත්‍රීන් 98 කි. දිළිඳු බවේ සාධනීය ලක්‍ෂණය වන වර්ගවාදය, ත්‍රස්‌තවාදය, ආගම්වාදය, මූලධර්මවාදය පාලකයන්ගේ දේශපාලන හා පෞද්ගලික ජීවිතය නමැති ප්‍රිය සම්භාෂණය රසවත් කරන අතුරුපසකි. එක්‌ මන්ත්‍රී කෙනෙක්‌ මාසිකව ඇති දැඩි කිරීමට මහජන මුදලින් ලක්‍ෂයක්‌ පමණ වැය වේ. උපදින හැම දරුවෙක්‌ම ලෝකයට ලක්‍ෂ 3 ක ණයකරුවෙක්‌ වී ඇත. මන්ත්‍රීවරු මැති සබයට පැමිණ දිනකට නම් ලකුණු කිරීමට පමණක්‌ ගෙවන මුදල රු. 500 කි. මොවුන්ව යහපත් පෝෂණ තත්ත්වයෙන් ද රඳවා ගෙන මන්දපෝෂණයෙන් මුදවාලීමට උදේ ආහාරයට රු. 500 ක්‌ සහ දිවා භෝජනයට රු. 1500 මහජන මුදලක්‌ වැය කෙරේ. අසභ්‍ය වචන කීමට ඇඟපත සම්භාහනය කිරීමට මුසාවාද කීමට හා මල්ලවපොර ක්‍රීඩාවට මාසිකව (දින 8) එක්‌රොක්‌ වන පාර්ලිමේන්තුවේ දිනක වියදම ලක්‍ෂ 10 කි. විවිධ වර්ගයේ (පාර්ලිමේන්තු, පළාත්, නාගරික. ප්‍රාදේශීය) මන්ත්‍රී 5000 නඩත්තු කිරීමට වාර්ෂිකව කෝටි 20,000 ඉක්‌මවා යයි. රටේ ගෑස්‌ – ඉන්ධන – ළදරු කිරිපිටි, සහල්, සීනි, ප්‍රවාහන ගාස්‌තු විදුලිය, ජලය, ගාස්‌තු නිරතුරුවම ඉහළ දමමින් ජනතාව නොමරා මරා බදු අය කර ගන්නේ මෙම පරපෝෂිතයන් නඩත්තු කිරීමටය. ජාතික නිෂ්පාදන වැඩි නොකර ජනතාවට අවශ්‍ය දේ රටින් ගෙනත් බෙදාදීමට රජයක්‌ අවශ්‍ය නොවේ. සත්‍ය වශයෙන්ම අද රජයක්‌ නොමැත. ප්‍රීමා සමාගම, ගෑස්‌ කොම්පැණිකරුවන්ට පෞද්ගලික බස්‌ හිමියන්, විදුලිය හා තෙල් සේවකයන්, පාතාල මැරයන්, වෙඩික්‌කරුවන් හා වෛද්‍ය සේවකයන්ට අවශ්‍ය ලෙසට ආණ්‌ඩු කෙරෙන්නේ රට පාලන කරන නිල නොලත් ඇමැති මණ්‌ඩලය සකස්‌ වී ඇත්තේ එම කණ්‌ඩායම තුළිනි.

1948 දී පලස්‌තීනය බෙදා ඊශ්‍රායලය බිහිකිරීම මෑතකදී ඉන්දුනීසියාවෙන් ටිමෝරය වෙන් කිරීම සහ තෙල් සම්පත අයිතිකර ගැනීමට ඇµaගනිස්‌ථානය හා ඉරාකය ආක්‍රමණය කිරීම මෙන්ම ඉන්දියාවෙන් කාශ්මීරය වෙන් කිරීමට අනුබල දීම වැනි උපක්‍රම නිසා ඒ ඒ රටවල් තුළ දේශප්‍රේමී අරගල ද ඇතිවිය. ලංකාව තුළ ඇතිවන එවැන්නකදී ඉන්දියාවේ මැදිහත්වීම අපේක්‍ෂා කළ හැකිද? අනාගත ලෝක බලවතුන් දෙදෙනා වන ඉන්දියාව හා චීනය (ඒකාබද්ධ ජනගහනය කෝටි 230) සමඟ ඇමරිකාවට අවශ්‍යව ඇත්තේ සහජීවනයෙන් සිටීමට ය. අවශ්‍ය වුවහොත් ප්‍රභාකරන්ගේ හෝ සිහළ දේශප්‍රේමීන්ගේ අරගලය ඉදිරියේදී ලංකාව තුළ ඇති වුවහොත් තම අධිරාජ්‍යවාදී අරමුණ ඉටුකර ගැනීමට එය උත්තේජනයක්‌ වනු ඇත. ආධාර දීමේ මුවාවෙන් රට තුළට විදේශ හමුදාවක්‌ එවා ලංකාව යටත් කර ගැනීමටත්, පසුව උතුරේ කොටි බලය වර්ධනය වීමට ඉඩ දෙමින් ඉන්දියාව අස්‌ථාවර කිරීමටත් එමගින් ඔවුනට අවසර පතක්‌ ලැබෙනු ඇත.

වසර 14000 ක පෞරාණික ඉතිහාසයක්‌ ඇති ලෝකයේ පැරැණිතම ශිෂ්ටාචාරය වන මොසපොටේමියානු හා ඉන්දු – නිම්න මොහොන්දජාරෝ – හරප්පා ශිෂ්ටාචාර බිහිකරලීමට එදා හෙළදිව (ලංකාව) විසූ දියුණු කාර්මික ශිල්පය හා අධ්‍යාත්මික දියුණුවක්‌ තිබූ හෙළයන් ප්‍රමුඛත්වය ගත් බවට ඓතිහාසික පුරාවිද්‍යාත්මක හා චිත්‍රමය සාධක ඒ ඒ රටවල අදත් ඉතිරිව ජීවමානව පවතින බව දන්නේ බටහිර ජාතීන් පමණි. එමෙන්ම ආගමික වශයෙන් ද රුසියාව ඇතුළු සමස්‌ත ආසියාතිකර රටවල බෞද්ධ පූජනීය ස්‌ථානවල නටඹුන් සංරක්‍ෂණය වෙමින් සුරැකිව තිබෙන බව දන්නේ ද එම රටවල පුරාවිද්‍යාඥයන් හා ආගමික නායකයන් පමණි. මෙයට සමාන්තරව චJද්‍රිකා තාක්‍ෂණයට – පරිගණක නිපැයුම්වලට සහ යාන්ත්‍රික නිෂ්පාදනවලට අවශ්‍ය වන ලෝහමය ද්‍රව්‍ය 12 ස්‌වභාවිකව භූමිය මතුපිට සහ භූගතව පිහිටා ඇති එකම රට ශ්‍රී ලංකාව බව බටහිර විද්‍යාඥයන් විසින් අනාවරණය කර ඇත. තවමත් නොඉඳුල්ව- ගවේෂණයකින් තොරව ලංකාවේ සුරැකිව පවතින මෙම භූගෝලීය භෞතික සම්පත් සම්භාරය නෙළා ගැනීමට, අත්පත් කර ගැනීමට ඇමරිකා – බ්‍රිතාන්‍ය යටත්විජිතවාදී බටහිර ජාතීන්ගේ අපේක්‍ෂාව වී ඇත. ඔවුන්ගේ දේශීය නියෝජිතයා වන කොටි සංවිධානය ඒ බව වටහා ගෙන එයට සරිලන ලෙසට නිජබිම සංකල්පය සහ දෙමළ ඉතිහාසය සකස්‌ කරගෙන ඇත. මෙම අරමුණ ඉටුකර ගැනීමට දෙමළ නායකයෝ ද වසර 400 ක්‌ තිස්‌සේ ම අඛණ්‌ඩ වැඩ සටහනක්‌ ක්‍රියාවට නංවමින් සිටිත්. 1636 සිට වතු දෙමළ ජනපදකරණය උතුරු නැඟෙනහිර ආරම්භ කර ඇත.

බටහිර ජාතීන් ලංකාවට දක්‌වන අහඹු කරුණාවේ සැබෑව සැඟව ඇත්තේ ලංකාවේ පොළව මතුපිට හා භූගතව තැන්පත්ව ඇති නොඉඳුල් භූ සම්පත තුළය. (ස්‌වාභාවික සම්පත් 20) ප්‍රාග්ධන ගිණුම විවෘත කිරීම තුළින් රටේ භූගෝලීය සම්පත් සහ ආර්ථික මධ්‍යස්‌ථාන එකී රටවල කෝටිපති ව්‍යාපාරිකයන් සතුකර ගැනීමට අවස්‌ථාව සලසා දී ඇත. ලෝකයේ වාසනාවන්ත බහුජාතික සමාගම් 500 ට ලංකාවට පැමිණ ආයෝජනය කිරීමට පාලකයෝ විවෘත ආරාධනයක්‌ කර ඇත්තේ අප ලක්‌බිම ඇයගේ නින්දගමක්‌ ලෙස සිතාගෙනද?

බලය බෙදා රටේ ෙµඩරල් ව්‍යවස්‌ථාවක්‌ ක්‍රියාත්මක කිරීමට අවශ්‍යව ඇත්තේ ඇමරිකා – බ්‍රිතාන්‍ය නව යටත්විජිතවාදීන්ටය. එය සඳහා ඔවුන් තිරයේ පිටුපස පාලකයන්ව මෙහෙයවමින් සිටිත්. භූගෝලීය – ආර්ථික – වාර්ගික හා පරිපාලනමය වැනි කිසිදුÊසාධකයක්‌ මත ලංකාවට බලය යෙදීමක්‌ අවශ්‍ය නොවේ. ඒකීය රාජ්‍ය කැබලි කිරීම එයින් සිදු වේ. ජාත්‍යන්තර ප්‍රජාවට කොටින්ට මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවලින් පොම්ප කරන මුදලින් යෑපෙන ආයතනවලට අවශ්‍ය වන්නේ බලය බෙදීමකි. ලෝකයේ රටවල් 289 ක භාෂාවන් 8000 ක්‌ කතා කරන ආගම් 100 ක්‌ අදහන විවිධ ජනවාර්ගිකයෝ සහජීවනයෙන් වාසය කරති. එම වාර්ගික විවිධත්වයමත බොහොමයක්‌ රටවල් කැබලි නොවී පවතින්නේ ජනතාව තුළ පවතින දේශ ප්‍රේමය සහ මානව එකමුතුව නිසා ය.

බලය බෙදීම සහ බලය විමධ්‍යගත කිරීම යනු එකිනෙකට හාත්පසින් ම විරුද්ධ පාලන ක්‍රම දෙකකි. රුසියාව – යුගෝස්‌ලාaවියාව බලය බෙදීම තුළින් රට දෙකඩ – තෙකඩ වි එහෙත් ලංකාවට අවශ්‍ය වන්නේ බලව විමධ්‍යගත කිරීමකි. ප්‍රාදේශීය සභා හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධ කර බලය – මුදල් පරිපාලනය හා සම්පත් විමධ්‍යගතකර රට පුරා මනා පරිපාලනමය රටාවක්‌ ක්‍රියාත්මක කළ හැකිය.

බටහිර ජාතීන්ට උතුරු – නැඟෙනහිර අවශ්‍ය වන්නේ ඇයි. රුසියාවට චෙච්නියාව, ඉන්දුනීසියාවට අවේ ප්‍රානත්ය, ඉන්දියාවට තමිලනාඩු හා බෙංගාලය අවශ්‍ය වන ආර්ථික – භූගෝලිය – ජෛව හා වෙළෙඳපල සාධකම උතුරු නැගෙනහිර ජාත්‍යන්තර ප්‍රජාවට අවශ්‍ය හේතුන්ම වී ඇත. උතුරට බලපාන ලද ස්‌වභාවික විපත ඒ සඳහා වු වෙස්‌වලාගත් ආශිර්වාදයක්‌ වී ඇත. මේ දක්‌වා ජාත්‍යන්තර ප්‍රජාව කළේ ඊළමට අවශ්‍ය ආර්ථික – ව්‍යවස්‌ථාමය – සන්නිවේදන හා යුද්ධමය ආධාර ලබාදීමය. නොනිල වශයෙන් වසරකට කෝටි 12000 පමණ මූල්‍ය ආධාර කොටින්ට හිතවත් විදේශ රටවලින් හා රාජ්‍ය නොවන සංවිධානවලින් උතුරට ලැබේ. සාකච්ඡාවේ සිට අන්තර් මණ්‌ඩලය අවබෝධ හා ගිවිසුම හා සටහන් විරාමය වැනි ඊළමට අවශ්‍ය රාජ්‍යතන්ත්‍රීය උපක්‍රම හා ආයතනික ක්‍රියාදාමයන් ඒ අතරේÊක්‍රියාත්මක වෙමින් පැවතිණ.

බටහිර නව යටත් විජිතවාදීන් විසින් උතුර – නැගෙනහිර කොටින්ට වරදාන දීම අප්‍රකාශිත යටි අරමුණු උතුරු නැඟෙනහිර භූගතව හා මතුපිට තැන්පත්ව ඇති මෙතෙක්‌ ගවේෂණය නොකළ සම්පත් නෙළා ගැනීමය. දකුණු ආසියාවේ රටවල් 49 අතරින් මෙතෙක්‌ පාරිභෝජනයට නොගත් ස්‌වාභාවික සම්පත් පිහිටා ඇත්තේ උතුරුකරයේය (ඛනිජ, තෙල්, මත්ස්‍ය, ත්‍රිකුණාමල වරාය, තෙල් ටැංකි, වී, කෙසෙල්, කරවල, මිදි, ලුණු, ඛනිජ (ටයිටේනියම් සිලිකන්) හා සංචාරක පරාදීසය වන අරුගම්බේ, පාසිකුඩා) ව්‍යවස්‌ථාමය වශයෙන් රට ෙµඩරල් කර කොටින්ට එම දෙපළාතේ බලය ලබා දිSමත්, ආර්ථික වශයෙන් එම පළාතේ වෙළෙඳපල ලබා ගැනීමත් ප්‍රමාණයෙන් 20 පමණ වන විට බටහිර නව යටත්විජිතවාදීනට ඇති අවශ්‍යතාවය මත ලංකාව ආසියාවේම ඔවුන්ගේ ගොදුරු බිමක්‌ බවට පත්ව ඇත.

1919 දී තමිල්නාඩුවේදී ගිවිසගත් නුතන ප්‍රධාන චෝල අධිරාජ්‍ය ලංකාවේ පිහිටුවා ගැනීමේ කොටින්ගේ අරමුණ ද මෙම යුරෝපීය ජාතීන්ගේ අරමුණ සමඟ ඒකාබද්ධ වී ඇත. මුස්‌ලිම් විරෝධය හා අන්‍යාගමික බලපෑම් ද මෙයට උත්තේජනයක්‌ වී ඇත. 14 – 16 සියවස්‌වලදී යුරෝපීයන් රටවල් යටත් කරගන්නේ හමුදා බලය යෙදවීමෙන් හා ආගම බලය ව්‍යාප්ත කිරීමෙනි. එහෙත් වර්තමානයේ ප්‍රාග්ධනය යෙදවීමෙන් (කෝටි 30,000) තමන්ට අවනත පරගැති විඥානයක්‌ ඇති නායකයන් බිහි කිරීමෙන් (චJද්‍රිකා – රනිල් – බෙනාසීර් භූතෝ – අකිනෝ) හා සංස්‌කෘතික ආක්‍රමණ (බෞද්ධ – හින්දු – මුස්‌ලිම් ආගමික පදනම විනාශ කිරීම) තුළින් එම කාර්යයම ඉටුකර ගනිමින් සිටිත්.

ලංකාවේ වාර්ගික අර්බුදයක්‌ නොමැත. පවතින්නේ දේශීය ත්‍රස්‌තවාදය – ජාත්‍යන්තර නව යටත්විජිතවාදී ආක්‍රමණ සමඟ බද්ධ වූ ඉතිහාසයේ මහා පාවාදීමේ ක්‍රියාවලියකි. සුළු ජාතීන්ට විශේෂ වරප්‍රසාද ලබාදීමේ බටහිර ජාතීන්ගේ උගුල් තුළ පාලකයෝ සිරගතව සිටිත්. ‘යුද්ධය’ යනු නිමක්‌ නොදකින අතිශය ලාභදායී වෙළෙඳ ව්‍යාපාරයකි. සාමය යනු ඒ පාලකයෝ ලබා ගන්නා පේටන්ට්‌ බලපත්‍රයයි. බලය බෙදීම යනු රට කැබලි කිරීමේ සාහසික ක්‍රියාදාමයයි.

සමස්‌ත මානව වර්ගයාම අත්විඳින ප්‍රධානතම ගැටලුව වන්නේ දිළිඳු භාවයයි. ත්‍රස්‌තවාදය, වර්ගවාදය, ආගම්වාදය, ජාතිවාදය, බල තණ්‌හාව පිළිsසිඳ ගන්නේ මෙම සමාජ ආර්ථික හා ආගමික අසාධාරණය පෝෂණය වන දිළිඳු භාවය නමැති ගර්භාෂය තුළය. එහි සාධනීය ප්‍රතිඵල වන්නේ නූගත්කම, විරැකියාව, මන්දපෝෂණය, මිනීමැරුම්, බේබදුකම, සියදිවි හානිකර ගැනීම, මානසික අවපීඩනය (කලමතය) ධනවතුන් කෙරේ එල්ලවන වෛරය – මංකොල්ලකෑම – විකෘති ලිංගික ක්‍රියා වැනි මානව ඝාතක සිද්ධීන්ය. මෙම මානව ව්‍යාධිවලින් රට මුදවා ගැනීමට තිරසාර ජාතික ආගමික ආර්ථික දේශපාලන සමාජියීය හා පරිපාලනමය කළමනාකාරීත්වයන් අවශ්‍යව ඇත.

බලය බෙදීම යනු රට දෙකඩ කිරීමයි. කළ යුත්තේ බලය මධ්‍යගත කිරීමකි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 330 ආවරණය වන සේ බලය විමධ්‍යගත කර ශ්‍රමය, භූමිය, අමුද්‍රව්‍ය, ව්‍යවසාය යන නිෂ්පාදන සාධක කළමනාකරණය කර ජාතික ආර්ථික, අධ්‍යාපනික. කෘෂිකාර්මික, අධිකරණ, පරිපාලන, ක්‍රීඩා, ප්‍රාසාංගික, සෞඛ්‍ය, නිවාස, විදේශ හා මාධ්‍ය යන අංශවලින් තිරසාර ප්‍රතිපත්ති සම්පාදනය කර මවබිමේ ජාතික පුෂ්පය පුබුදුවමු.