Spread the News

කොටි සැමරුම් දිනට යාපනය
සරසවියේ පෝස්‌ටර් අලවති

කීර්ති වර්ණකුලසූරිය

නොවැම්බර් 27 දාට යෙදෙන කොටි සැමරුම් දිනය සමරන ලෙස ඉල්ලමින් යාපනය විශ්වවිද්‍යාලය තුළ පෝස්‌ටර් අලවා ඇත.

ලොව පුරා සිටින ද්‍රවිඩයන් මියගිය තම සහෘදයන් සමරන බව එකී පෝස්‌ටර්වල සඳහන් කර තිබේ.

කොටි සමරුවට රජය අවසර දී නැතත් ද්‍රවිඩ දේශපාලනඥයන් යාපනය, කිලිනොච්චිය යන ප්‍රදේශවල දී මියගිය කොටින් සැමරීමට සැලසුම් කර ඇත.

මේ අතර මියගිය කොටින්ව සැමරීමේ මධ්‍යස්‌ථානයක්‌ මුල්ලවයික්‌කාල්හිදී ඉදිකිරීමට ද උතුරු පළාත් සභාව කටයුතු යොදා ඇතැයි වාර්තාවේ. එහෙත් ඒ සඳහා රජයේ අවසරය ගෙන නැත.