Spread the News

විධායක ජනාධිපති ක්‍රමය හා මනාප ක්‍රමය
අහෝසි කිරීමේ කැබිනට්‌ පත්‍රිකාවලට අනුමැතිය

කුෂාන් සුබසිංහ – රනිල් ධර්මසේන

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීමට අදාළව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (18 වැනිදා) කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ කැබිනට්‌ පත්‍රිකා දෙකට කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

විධායක ජනාධිපති ධුරය අහෝසි කර එහි බලතල පාර්ලිමේන්තුවට පැවරීම සහ සමානුපාතික නියෝජන ඡන්ද ක්‍රමය සංශෝධනය කර වඩාත් ප්‍රජාතන්ත්‍රීය මැතිවරණ ක්‍රමයක්‌ හඳුන්වා දීම මෙම කැබිනට්‌ පත්‍රිකා මගින් ජනාධිපතිවරයා යෝජනා කර තිබේ.

ඒ අනුව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්‌ඩල අනුකමිටුවක්‌ පත් කෙරෙන අතර එම අනුකමිටුව ඉදිරි සති දෙක ඇතුළත කැබිනට්‌ මණ්‌ඩලයට වාර්තාවක්‌ සකස්‌ කිරීමට නියම වී තිබේ.

එම වාර්තාව නීති කෙටුම්පත් නිලධාරීන් මගින් නීති කෙටුම්පත් සකස්‌ කිරීමට නියම කළ යුතු බවටත් මෙහිදී තීරණය කෙරිණි.