සිය දේශපාලන ප්‍රතිපත්තිය අනුව කෙනෙකුට දේශප්‍රේමියෙකු තව අයෙකුට දේශද්‍රෝහියකු විය හැකි ද?රාජ්‍යට විරුද්ධ ජනතා විමුක්ති පෙරමුණ කැරළි ගසන්නේ ඇයි?ආරියතිලක 2025. 05.22
සිය දේශපාලන ප්‍රතිපත්තිය අනුව කෙනෙකුට දේශප්‍රේමිය තව අයෙකුට දේශද්‍රෝහියකු විය හැකි ද?සිය දේශපාලන ප්‍රතිපත්තිය අනුව කෙනෙකුට දේශප්‍රේමිය තව අයෙකුට දේශද්‍රෝහියකු විය හැකි බව ක්‍රිෂාන්ත අබේසේන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකශ කළේ ය.සත්‍ය යුක්තිය වෙනුවෙන් කතා කළ දකුණේ මෙන්ම උතුරේ තරුණයන් ද විරුවන් බවත් දකුණේ මිය ගිය තරුණයන් පමණක් නොව උතුරේ මිය ගිය තරුණයන් ද සැමරිය යුතු බව ද ඔහු කියා සිටී. ඔහු පෙන්වා දෙන්නේ දකුණේ තරුණයන් පමණක් නොව උතුරේ තරුණයන් මැරෙන විට ද තමන් කඳුලු සැලූ බව ය. .ක්‍රිෂාන්ත අබේසේන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයාගේ ඉහත සඳහන් ප්‍රකාශ බැලූ බැල්ල්මට වරදක් නැති බව පෙනී යයි. එසේ වුවත්, අපි ක්‍රිෂාන්ත අබේසේන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයාගේ කීම වෙන් වෙන් වශයෙන් විග්රහ කර විමසා බලමු. “සත්‍ය යුක්තිය වෙනුවෙන් කතා කළ දකුණේ මෙන්ම උතුරේ තරුණයන් ද විරුවන් බව ඔහු කියයි. ඔව්! ඒ කීම නිවැරැදි ය. අපි එය පිළිගනිමු. ඒ කුමක් නිසාද? සත්‍ය යුක්තිය වෙනුවෙන් කතා කළ බැවිනි. සත්‍ය සහ යුක්තිය වෙනුවෙන් කතා කිරීම සැබැවින් ම හොඳ ය. විශිෂ්ට ය. උදාර ය. මානව හිතවාදී ය. එය උතුර දකුණ කියා බේදයක් නැත; නැගනහිර බටහිර කියා බේදයක් නැත; අනු දිසා කියා හෝ උඩ ද යට ද කියා බේදයක් නැත; සත්‍ය හා යුක්තියට කිසිදු දිසා බේදයක් නැත; ජාති, කුල ගෝත්‍ර අදාළ නැත; සත්‍ය හා යුක්තියේ එක ම බෙදුම් රේඛාව වනුයේ අසත්‍ය හා අයුක්තිය ය. එසේ ම සත්‍ය හා යුක්තිය එකට බද්ධ වී ඇත. කිසිදු ලෙසකින් වෙන් කළ නො හැක. සත්‍ය ඇති තැන යුක්තිය ඇත. යුක්තිය ඇති තැන සත්‍ය ඇත. සත්‍යය නැත්නම් යුක්තිය ද නැත. යුක්තිය නැත්නම් සත්‍යය ද නැත. සත්‍ය හා යුක්තියේ ගැබ් වී ඇති සුන්දර වූ තවත් දෑ ඇත. එනම්:- 1. අවිහිංසාව 2. කරුණාව ය. සත්‍ය සහ යුක්තිය ඇති තැන හිංසාව නැත; රුදු බව නැත; කරුණාව ,දයාව ඇත; මනුෂ්‍ය ඝාතන, ලේ වැගුරවීම, ත්‍රස්ත ක්‍රියා, අනුන් බිය වැද්දීම නැත. දේපොළ හානි කිරීම නැත. මහජනතාවට හානි කර දෑ කරන්නේ නැත. මහජනතාවගේ සුභ සාධනය පවතින්නේ රාජ්‍යය මත ය. එනිසා රාජ්‍යට ද්‍රෝහීකම් කරන්නෙ නැත. රාජ්‍ය පාලන විධිවිධාන උල්ලංඝනය කරමින් රජයට විරුද්ධ කැරැළි ගසන්නේ නැත. ත්‍රස්තවාදී ක්‍රියා කිරීම, කරවීම, එවැනි දෑට පිරිස් ඒකරාශි කරන්නේ නැත. ප්‍රාණ ඝාතය කිරීම කරවීම, කරවීම කරන්නෙ නැත. අනුන්ගේ දේපොළ, රාජ්‍යයේ දේපොළ හොරෙන් ගැනීම, විනාශ කිරීම, බලහත්කාරයෙන් ගැනීම, මංකොල්ලකෑම, කිරීම කරවීම, කරන්නේ නැත. රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණය කිරීම, අවි ආයුධ අතට ගැනීම, අවි පුහුණු වීම් කරන්නේ නැත. රාජ්‍යට විරුද්ධව සංනද්ධ කණ්ඩායම් ඇති කිරීම, ඒ කණ්ඩායම් ප්‍රවර්ධනය කිරීම කරන්නේ නැත.මෙහිදී කිව යුත්තක් ඇත. යම් රටක නීතීයානුකූල උරුමය, වංචාවෙන් හෝ බලහත්කාරයෙන් හෝ ආක්‍රමණයකින් හෝ යම් පිරිසක් අනීතිකව අත්පත් කර ගෙන නීත්‍යානුකූල රටවැසියාගේ සත්‍යවාදී උරුමය හා අයිතිවාසිකම් අහිමි කරන, අහිමි කර ඇති අවස්ථාවක, එම බලහත්කාරයට, නීතියානුකූල උරුමය ඩැහැ ගැනීමට, හා ආක්‍රමණයට, සංන්ධ ක්‍රියාකාරකම්වලට එරෙහිව, රාජ්‍යයේ සංනද්ධ හමුදා, ආරක්ෂක අංශ සටන් කිරීම, සත්‍යයට හා යුක්තියට, පටහැනි නො වේ. එසේ වූ සත්‍ය හා යුක්තිය වෙනුවෙන් පෙනී සිටිය සැම දෙනා විරුවන් ලෙස සැළකීම යුක්ති යුක්ත ය. ඔවුන් ඇගයීමට ද සුදුසු ය. එසේ වූ විරුවන් සැමරීම උතුර ද දකුණ ද කියා බේදයක් නැත. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දකුණේ තරුණයන් පමණක් නොව උතුරේ තරුණයන් මැරෙන විට ද තමන් කඳුලු සැලූ බව ය. එහි ද අප වරදක් දකින්නේ නැත. මනුෂ්‍ය ජීවිත මරණයෙන් කෙළවර වන විට, විශේෂයෙන් කුමන හෝ ආකාරයකින් මනුෂ්‍ය ජීවිත කෙළවර වන විට සංවේගයට පත් වීම මානව හිතවාදී ලක්ෂණයකි. විශේෂයෙන් නිසි ආයුෂ නො ගෙවා මිය යන ජීවිත රටේ මානව සම්පත අහිමි වීමකි. දෙමාපියන්ට, සහෝදර සහෝදරියන්ට, දූ දරුවන්ට, තම ඥාතියාගේ වියෝව මහත් දුකකි. මිත්‍රයනට තම මිත්‍රයාගේ වියෝව දුකකි. රටක් ලෙස රටේ පුරවැසියා රටට අහිමි වීම, නිසි ආයුෂ නො ගෙවා, යුද්ධකින් හෝ හදිසි අනතුරුවලින් හෝ වෙනයම් විපතකින් හෝ අකාලයේ මිය යනවානම් රටට මහත් පාඩුකි; අභාග්‍යයකි. එසේ වූ මිය යෑම කුසලයට අයිති නැත. “සිය දේශපාලන ප්‍රතිපත්තිය අනුව කෙනෙකුට දේශප්‍රේමියකු තව අයෙකුට දේශද්‍රෝහියකු විය හැකි බව” කියන ක්‍රිෂාන්ත අබේසේන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා කළ ප්‍රකාශය ද විමසා බැලිය යුතු ය. ඔව්! ඔහු කියන ප්‍රකාශය සැබෑ ය. මෙම ප්‍රකාශයේ වචනාර්ථ විග්රහ කළ බැලීමේ දී “සිය දේශපාලන ප්‍රතිපත්තිය අනුව කෙනෙකුට දේශප්‍රේමිය තව අයෙකුට දේශද්‍රෝහියකු විය හැකි බව” යන ප්‍රකාශය අනුව කෙනෙකු, දේශප්‍රේමියෙකු හෝ දේශ්ද්රෝහියෙකු වන්නේ සිය දේශපාලන ප්‍රතිපත්තිය අනුව බව අමාත්‍යවරයාගේ අදහස ය. ඔහුගේ කථාවෙහි කුමක්ද ඒ දේශපාලන ප්‍රතිපත්තිය යන්න ප්‍රකාශ නො කරයි. මේ ප්‍රකාශයේ ඔහු අදහස් කරන අරුත කුමක් වුව ද සැබෑ අරුත ස්පර්ශ කරන්නේ සත්‍යාවාදී ලෙස එක් කරුණක් මත බව අපගේ අදහස ය. මෙය ශ්‍රී ලංකා භූමියට අදාළව කරන ලද ප්‍රකාශයක් බැවින්, අප මෙය විග්රහ කළ යුත්තේ ශ්‍රී ලංකා භූමියට අදාළව ය. එහි සැබෑ අරුත සපර්ශ කරන සත්‍යවාදී කරුණ කුමක් ද? එය නම් ශ්‍රී ලංකා භූමිය පාලනය කරන නීති ගත වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ආණ්ඩුක්‍රම එයවස්ථාවට අනුව රට පාලනය කිරීමට සහාය පිණිස පවත්නා නීති අණපණත් ය. මෙයට පිටස්තරව යම් කරුණක්, රාජ්‍යයේ යහපත සඳහා ඉදිරිපත් කරනවානම්, ඒ සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතීයට සහ අනෙකුත් නීති අණපනත් වලින් ඔබ්බට ගිය, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට සහ අනෙකුත් නීතිවලට වඩා මානව හිතවාදී වූ අදහස් හා යෝජනා කිරීම් විය යුතු බව කිව යුතු ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ දැනට පවත්නා තත් කාලයේ නීති අණපනත් වලින් දේශප්‍රේමියකු හෝ දේශද්‍රෝහියෙකු වන්නේ කෙසේ ද යන්න විමසා බැලිය යුතු ය. රටේ පාලනය මෙහෙයවන්නා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 1, 2, 3, 4, යන ව්‍යවස්ථා මත සමස්ථ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම පිහිටා ඇති බව පැහැදිලි ය. අනෙක් සියලු නීති අණපනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත ක්‍රියාත්මක වේ. දේශප්‍රේමි බව හෝ දේශද්‍රෝහි බව තීරණය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට සහ අනෙකුත් නීති වලට අනුකූල ද නැද්ද යන්න මත බව කිව යුතු ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 2, 3, 4, ව්‍යවස්ථා පහත ප්‍රකාර ය.1 වන ව්‍යවස්ථාව, රජයශ්රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයකි.. ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යනුවෙන් හදුන්වනු ලැබේ.2 වන ව්‍යවස්ථාව, එකීය රජයක් බවශ්‍රී ලංකා ජනරජය එකීය රජයකි.3 වන ව්‍යවස්ථාව. ජනතාවගේ පරමාධිපත්‍යය “ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාවකෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍ය අත්හළ නොහැක්කේ ය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයද ඇතුළත් වන්නේ ය.” 4 වන ව්‍යවස්ථාව, පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක වීම ද භුක්ති විදීම ද මතු දැක්වෙන ආකාරයෙන් සිදුවන්නේ ය:-(අ) ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද, ජනමත විචාරණයකදී ජනතා විසින් ද ක්‍රියාත්මක කළ යුත්තේ ය.(ආ) රටේ ආරක්ෂාව ඇතුලුව ජනතාවගේ විධායක බලය, ජනතාව විසින් තෝරාපත් කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය. (ඇ) නීතිය අනුව පාර්ලිමේන්තුව විසින් ම ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද, පරිහාර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කොට පිහිටුවන ලද හෝ නැතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටුවන ලද අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය. (ඈ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරු කරනු ලැබිය යුත්තේ ය. ආරක්ෂා කරනු ලැබිය යුත්තේ ය. වර්ධනය කරනු ලැබිය යුත්තේ ය. තව ද, ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධි විධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංශිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේ ය. (ඉ) අටළොස් විය සම්පූරණ කර ඇත්තා වූ ද, මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති පරිදි ඡන්දහිමියකු වීමට සුදුසු කම් ලැබ තමාගේ නම ඡන්ද හිමි නාම ලේඛණයේ ඇතුලත් කරණු ලබ සිටින්නා වූ ද, සෑම පුරවැසියෙක් විසින් ම ජනරජයේ ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමේ දී ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරාපත් කිරීමේ මැතිවරණයේ දී ද, ජනමත විචාරණයකදී ද , ඡන්ද බලය ක්‍රියාත්මක කළ හැකි විය යුතු වන්නේ ය.”(උපුටා ගැනීම අවසන්)ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1 වන, 2 වන, 3 වන, 4 වන ව්‍යවස්ථා මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතිරි ව්‍යවස්ථා පිහිටා ඇත. රාජ්‍ය පක්ෂපාතී වීම, සහ රාජ්‍යද්‍රෝහී බව යන දෙයාකාරය ඇති වනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1 වන, 2 වන, 3 වන, 4 වන ව්‍යවස්ථා මත අකෙකුත් ව්‍යවස්ථා මගින් සාධනය කරන රාජ්‍යයේ පැවැත්මට අනුකූල සහ අනනුකූල බව මත ය. රාජ්‍ය පක්ෂපාතිබවට දේශප්‍රේමිය ලෙස හා රාජ්යද්රෝහයට දේශද්‍රෝහිය ලෙස ද හදුවන්වයි. රාජ්‍යද්‍රෝහි වරද හේතුවෙන් ද, ජනාධිපතිවරයාගේ ධූරය දැරීම නුසුදුස්සෙකු ලෙස ආණඩුක්රම ව්‍යවස්ථාවේ, 38 වන ව්යවස්ථාවේහි 2 වන අනු ව්‍යවස්ථාවෙහි (අ) ඡේදයෙහි (II) යටතේ ව්‍යවස්ථා කර තිබේ. එසේ ම රාජ්‍යද්‍රෝහය හෙවත් දේශද්‍රෝහය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇත්තේ 157(අ) ව්‍යවස්ථාවෙහි ය. දේශපූර්ණත්වය උල්ලංඝනය කිරීම ලෙස රාජ්‍යද්‍රෝහය හෙවත් දේශද්‍රෝහි බව ව්‍යවස්ථා කර තිබේ. දේශපූර්ණත්වය උල්ලංඝනය කිරීමෙන් ඇතිවන්නා වූ වරද සම්බන්දයෙන් ප්‍රතිකර්ම ද පනවා තිබේ. දේශපූර්ණත්වය උල්ලංඝනය කිරීම යන්නෙන් අදහස් කරනුයේ ශ්‍රී ලංකා රාජ්‍යයේ දේශසීමාව ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 5 වන වන ව්‍යවස්ථාවෙන් කියවෙන දේශසීමාව සහිත, ශ්‍රී ලංකා ජනරජයේ බලමහිමයට පටහැනිව කායිකව ද වාචසිකව ද කරන කුමන හෝ ක්‍රියාවක් ගත හැකි ය. ශ්‍රී ලංකා ජනරජයේ බලමහිමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දරණ බව, ආණ්ඩුක්‍රම ව්‍යවසථාවෙන් සම්මත කොට ඇත. එසේ හෙයින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දරා සිටින ශ්‍රී ලංකා ජනරජයේ බලමහිමයට එරෙහිව, ශ්‍රී ලංකා ජනරජයේ බලමහිමයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින්, වෙන් කිරීමට, එම බලමහිමයෙහි ඇති බලය අඩු කිරීමට, හීන කිරීමට, ශ්‍රී ලංකා ජනරජයේ කොටසක් අහිමි කිරීමට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කොටසක හෝ සම්පූර්ණ බලය පෙරළා දමා නව පාලනයක් ස්ථාපිත කිරීමට, ශ්‍රී ලංකා ජනරජය ඇතුලත දී හෝ පිටත දී හෝ කතිකා කිරීම, පිරිස් ඒකරාශී කිරීම, සංවිධානය වීම, සංවිධානය කිරීම, ආධාර දීම, අනුබල දීම, ධෛර්යය දීම, අරමුදල් එක් රැස් කිරීම, ද්‍රව්‍ය එක් රැස් කිරීම, දේශන පැවැත්වීම, පත්‍රිකා, සඟරා, පත්‍ර, පොත්, ආදී ලෙස දේ අත් පිටපත් ලෙස හෝ මුද්‍රිතව හෝ එළි දැක්වීම, එවැනි දෑ බෙදා හැරීම, විද්‍යුත් මාධ්‍යයට අදාලව හඬ පට, වීඩියෝ පට එළි දැක්වීම, මුදා හැරීම්, ව්‍යාප්ත කිරීම, ජනතාව අතරට සම්ප්‍රේෂණය කිරීම, විද්‍යුත් මෙවලම් භාවිතයෙන් ව්‍යාප්ත කිරීම, අවිආයුධ එක් රැස් කිරීම, අවිආයුධ ලඟ තබා ගැනීම, ආයුධ සංනද්ධ වීම, අවිආයුධ නිපදවීම, අවි පුහුණුව ලබා දීම, අවි පුහුණුව ලබා ගැනීම, යුද්ධෝපකරණ සංඛ්‍යාවට යන ලෝකයේ ඇති කිසිදු මෙවලමක් තම භාරයේ තබා ගැනීම, පරිහණය කිරීම, කැරළි ගැසීම, කැරළි ඇති කිරීම, සටන් කිරීම, පහර දීම, රාජ්‍යයේ දේපොළ විනාශ කීරීම, බලහත්කාරයෙන් අල්ලා ගැනීම, රාජ්යද්රෝයය වේ. දේශද්‍රෝහය වේ. එසේ ම ශ්‍රී ලංකා ජනරජයේ බලමහිමයට විරුද්ධව අතීතයේ කවරෙකු විසින් හෝ කවර දේශපාලන පක්ෂයක් විසින් හෝ කවර සංවිධානයක් විසින් හෝ පුද්ගල කණඩායමක් විසින් හෝ කරන ලද ක්‍රියාවක් හෝ කියන ලද ප්‍රකාශයක් හෝ එසේ කිරීම නිවැරැදි යයි සාධාරණීය කිරීම උත්සාහ කිරීම, එසේ කරන ලද හෝ කියන ලද පුද්ගලයන් සැමරුම් කිරීම, එසේ කරන ලද හෝ කියන ලද ක්‍රියා සැමරුම් කිරීම ද රාජ්‍ය ද්‍රෝහය වේ. දේශද්‍රෝහය වේ. ශ්‍රී ලංකා ජනරජයේ බලමහිමයට ද්‍රෝහී වීමකි. එය රාජ්‍යද්‍රෝහය යි. එය ම දේශද්‍රෝහය වේ. “සිය දේශපාලන ප්‍රතිපත්තිය අනුව කෙනෙකුට දේශප්‍රේමියකු තව අයෙකුට දේශද්‍රෝහියකු විය හැකි බව” කියන ක්‍රිෂාන්ත අබේසේන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා කළ ප්‍රකාශය අනුව තමන් දරණ සිය දේශපාලන ප්‍රතිපත්තිය කුමක් ද යන්න පැහැදිලි නො කිරීම හේතුවෙන්, ඕනෑ ම කෙනෙකු විසින් දරණ තම දේශපාලන ප්‍රතිපත්තිය කුමක් වුව ද, ස්වකීය අභිමතය අනුව තමා හෝ තමගේ මතය ගරු කරන පුද්ගලයා දේශප්‍රේමියකු ලෙස ද, තම දේශපාලන මතයට විරුද්ධ පුද්ගලයා හෝ දේශද්‍රෝහියෙකු ලෙස සිතීමට පුළුවන. මෙහි ඇති බරපතල කාරණය වන්නේ සැබෑ දේශද්‍රෝහීන්, දෙශ්ප්රේමින් ලෙස මතු වීම හා සැබෑ දේශ්ප්රේමින් දේශද්‍රෝහින් ලෙස සැලකීමට ඉඩ ඇති වීම ය. ක්‍රිෂාන්ත අබේසේන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයාගේ ප්‍රකාශය අතිශයින් බරපතල වන්නේ ඔහුගේ ප්‍රකාශය අනුව, උතුර නැගනහිර බෙදා වෙන් කිරීමට, ශ්‍රී ලංකා ජනරජයේ බලමහිමයට එරෙහිව, දේශපාලන හා සංනද්ධ ක්‍රියාකාරකම්වල යෙදුන, උතුරේ සංනද්ධ ත්‍රස්ත කණඩායම් වන දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය(LTTE),දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ සංවිධානය),දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානය (ප්ලොට් සංවිධානය, නායක -කදිර්ගාමපිල්ලේ නල්ලයිනාතන් (උමා මහේෂ්වරන්),දෙමළ ඊළාම් විප්ලවකාරී ශිෂ්‍ය සංවිධානය (ඊරෝස් සංවිධානය), ඊළාම් මහජන විප්ලවකාරී විමුක්ති පෙරමුණ (EPRLF සංවිධානය), යන ත්‍රස්ත කණ්ඩායම්වල ක්‍රියා කාරී වූ මියගිය සහ ජීවතුන් අතර සිටින සියලු සමාජිකයන් දේශප්‍රේමින් ලෙස සැළකීමට අවස්ථාව සැළසීම ය. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය(LTTE) විසින් අනෙකුත් දෙමළ ත්‍රස්ත කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය අවසන් කළ අතර 2009. 05.18 දින දක්වා කොටි සංවිධානය (LTTE) ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක හමුදා වෙතින් පරාජයට පත්වන තුරු ම, බෙදුම්වාදී දේශපාලන න්‍යාය මත ශ්‍රී ලංකා ජනරජයට විරුද්ව අයුධ සංනද්ධව සටන් කළහ. ත්‍රස්තවාදී ක්‍රියා කළහ. රටේ එකීය භාවයට, භෞමික අඛණ්ඩතාවයට එරෙහිව ආරක්ෂක හමුදා සමඟ යුද්ධ කළහ. ත්‍රස්ත ක්‍රියා ඇති කළහ. රාජ්‍ය දේපොල විනාශ කළහ. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාද වුවත්, ඉතිරි වූ කොටි සාමාජිකයන් සහ කොටි සංවිධානයේ බෙදුම්වාදී මතය පිළිගත් අන්තර්ජාතිකව විසිරී සිටින දෙමළ ප්‍රජාව බෙදුම්වාදය අත් හැර නැත. ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ උතුර නැගනහිර බෙදා වෙන්කිරීමට උපාය උපක්‍රම දේශපාලන වශයෙන් ලඟා කර ගැනීම ය. ක්‍රිෂාන්ත අබේසේන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා කළ ප්‍රකාශය අනුව, තමන් දරණ සිය දේශපාලන ප්‍රතිපත්තිය කුමක් ද යන්න පැහැදිලි නො කිරීම හේතුවෙන්, ශ්‍රී ලංකා ජනරජයේ බලමහිමට පටහැනිව ක්‍රියා කළ හා තවදුරටත් එසේ ක්‍රියා කරන මේ සියලු දෙනා ද දේශප්‍රේමින් ලෙස සිතීමට අවස්ථාව උදා කිරීම බරපත ය. දැනට ආරක්ෂක අමාත්‍යංශය, ආරක්ෂක ලේකම්වරයා විසින් 2025.02. 20 දින 2424/51 දරණ අති විශේෂ ගැසට් පත්‍රය (නිවේදනය) මගින් තහනම් කළ ත්‍රස්තවාදී සංවිධාන 15 ක් තිබේ. එනම්:-1 ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය2 දෙමළ පුනරුත්ථාපන සංවිධානය3 දෙමළ සම්බන්ධීකරණ කමිටුව4 ලෝක දෙමළ ව්‍යාපාරය5 දේශසීමා ඉක්ම වූ දෙමළ ඊලම් රාජ්‍යය 6 ලෝක දෙමළ සහනසාධක අරමුදල7 මූලස්ථාන කණ්ඩායම8 ජාතික තව්හිද් ජමාත්9 ජමාතේ මිලාතේ ඊබ්‍රාහීම්10 විලයාත් අස් සෙයිලානි11 කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය12 ද්‍රවිඩ තරුණ සංවිධානය13 දාරුල් අදර් අත්තබවියා14 ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය ව්‍යාපාරය15 සේව් ද පර්ල්ස් මෙයට අමතර පුද්ගල නම් ලැයිතුවක් ද එම අති විශේෂ ගැසට්ටුවේ ඇත. පුද්ගල නම් 222 ක් (ලිපිනයන් සහිතව) ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම්, ත්රස්තවාදයට අරමුදල් සැපයීම, ත්රස්තවාදයට මුදල් සැපයීම යටතේ ඒ ඒ චෝදනා යටතේ ලැයිස්තු ගත කර ඇත. මෙම ලැයිස්තු ගත සංවිධාන සහ පුද්ගලයන් ශ්‍රී ලංකා ජනරජයේ බලමහිමයට එරෙහිව රාජද්‍රෝහය ක්‍රියා ඇති කර බැවින් තහනම් කර ඇත. මේ සැම සංවිධානවලට සහ පුදගලයන්ට දේශපාලන ප්‍රතිපත්ති තිබුණ ද ආණ්ඩු ක්රමව්යවස්ථාවට අනුව ඒ සංවිධාන සහ පුද්ගලයෝ, දේශද්‍රෝහී සංවිධාන හා දේශද්‍රෝහී පුද්ගලයෝ වෙත්. තම දේශපාලන ප්‍රතිපත්තිය අනුව ඒ සංවිධාන සහ පුද්ගලයන් දේශප්‍රේමින් ලෙස සිතා ගත්ත ද දේශප්‍රේමින් නො වේ. දේශද්‍රෝහි සංවිධාන හා දේශද්‍රෝහී පුද්ගලයෝ වෙති. මේ සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණේ අතීත ක්‍රියා කාරකම් ද සැලකිල්ලට ගත යුතු ය. 1965 මැයි මස 14 වෙනි දින ආරම්භ කරන ලද, ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂය, මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයකි. පක්ෂ ආරම්භ කොට කෙටි කලකින් 1971 වසරේ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ නායකත්වය ඇතුලු පක්ෂ ක්‍රියාකාරීහු, ශ්‍රී ලංකා රාජ්‍ය පැහැර ගැනිම සඳහා සංනද්ධ කැරැල්ලක් දියත් කළහ. එහි මුඛ්‍යාර්ථය වූයේ පවතින රාජ්‍ය ක්‍රමය පෙරළා දමා, කොමියුනිස්ට්වාදී පාලන ක්‍රමය සහිත රාජ්‍යයක් ඇති කිරීම ය. එම කැරැල්ල එවකට ආරක්ෂ හමුදාව විසින් මැඩ පැවැත්වන ලදී. කැරැල්ල අසාර්ථක විය. නැවත ජනතා විමුක්ති පෙරමුණ විසින් 1987, 1988, 1989 වර්ෂවල රජය පෙරළා දම රාජ්‍ය බලය ගැනීමේ අරමුණෙන් සංනද්ධ කැරැල්ලක් ඇති ලදී. 1987 වන විට ජනතා විමුක්ති පෙරමුණ තහනම් දේශපාලන පක්ෂයකි. රජයෙන් එම තහනම් කිරීම සාධාරණ බවෙන් වියුක්තව කරන ලද බව ජනතා විමුක්ති පෙරමුනේ අදහස ය. මධ්‍යස්ථ බාහිර පාර්ශවයන් ද ඒ මතයේ සිටී. කෙසේ නමුදු රජ්‍ය බලය අත්පත් කර ගැනීමේ අභිලාසයෙන් ජනතා විමුක්ති පෙරමුණ, රාජ්‍යයට විරුද්ධව කැරළි ගැසීම, මනුෂ්‍ය ඝාතන කිරීම, රාජ්‍ය දේපොල කොල්ල කෑම, රාජය දේපොළ විනාශ කිරීම, පුද්ගලික දේපොළ විනාශ කිරීම, ආදී මහත් විනාකාරී ක්‍රියා ඇති ඇති කළේය. රාජය විසින් ද එයට ප්‍රතිචාර දැක්වූයේ රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ය. ඒ බැව් බටලන්ද කොමිෂන් සභා වාර්ථාවේ පැහැදිලිව සඳහන් කර ඇත. රාජ්‍යට විරුද්ධ ජනතා විමුක්ති පෙරමුණ කැරළි ගසන්නේ ඇයි?1965 මැයි මස 14 වෙනි දින ආරම්භ කරන ලද, ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂය, මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයකි.කොමියුනිස්ටාදය, කොමියුනිස්ට්වාදයෙහි මූල න්‍යාය වන, ප්‍රෙඩ්රික් එංගල්ස්ගේ කොමියුනිස්ට්වාදයේ මූල ධර්ම (1847) සහ කාල් මාක්ස් සහ ප්‍රෙඩරික් එංගල්ස්ගේ කොමියුනිස්ට් පක්ෂයේ ප්රකාශනය (1848) යන ප්‍රකාශන මත ගොඩනැගුණකි. පසුව වී. අයි. ලෙනින් සහ ලියෝන් ට්‍රොස්කි යන දෙදෙනාගේ මතයන් සහ අත්දැකීම් ද කොමියුනිස්ට්වාදී දේශපාලනයට එක් විය. මේ සැම දෙනා විසින් ම පෙන්නා දුන් කාරණය නම් කොමියුනිස්ට්වාදී දේශපාලනය රටක ස්ථාපිත කිරීමට, ආයුධ සංනද්ධ විය යුතු බවත්, ආයුධ සංනද්ධ අරගලයකින් පවතින ධනේෂ්වරවාදී රජය පෙරළා දමා රාජ්‍ය බලය අත්පත් කර ගත යුතු බවත් ය. එසේ වූ විට පැවැති රාජ්‍යයේ ආණ්ඩුක්රමය හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය ද එම රාජ්‍යයේ අධිකරණ බලය සහ ඒ අධ්කරණ සමඟ බැදී තිබූ සියලු නීති අණ පනත් බලය ද එම නීතියට යටත් භූමියේ හිමිකම් ද ආරක්ෂක හමුදාවල සියලු බලතල ද රාජ්‍ය පරිපාලන ව්‍යූහයේ සියලු බලතල ද සහිත රාජයේ සියලු පෙර හිමිකම් අහෝසි වනවා ඇත. අන්තර්ජාතික නීතිය අනුව ද එම භූමිය නැවත් අත්පත් කර ගැනීමට නීති මගින් ක්‍රියා කළ නො හැක. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද තීන්දු තීරණ ගත හැකි වුව ද සියල්ල තීරණය වන්නේ එකසත් ජාතීනගේ සංවිධාන සමාජික රටවල් අතරෙන් එයට මැදහත් වන රටවල යුද බලය මත ය. අන්තර් ජාතීක අපරාධ අධිකරණයෙහි අපරාධ සම්බන්ධ නඩු පැවරිය හැකි වුව ද, එම අපරාධ අධිකරණයේ තීන්දු සංනද්ධ අරගලයකින් පිහිටුවන රාජ්‍යය නො පිළිගැනීමත් හේතුවෙන්, සංනද්ධ ආක්‍රමණයකින් යටත් කිරීමකින් තොරව වෙන කළ යුත්තක්, කළ හැකි දෙයක් නැත. අන්‍ය රාජ්‍ය විසින් ආර්ථික සම්බාධක හා රාජ්‍ය තාන්ත්‍රික සම්බාධක පැනවීමෙන් ද විසඳිය නො හැක. විශේෂයෙන් කොමියුනිස්ට් සංනද්ධ අරගලයකින් පිහිටුවන රාජ්‍ය ලොකයේ අනෙක් නීති අණපණත් ගරු කිරීම ද පිළිගැනීම ද නො කරත්. උදාහරණ ලෙස මෑත කාලයේ රුසියානු යුක්රේන යුද්ධය හේතුවෙන් අන්තර් ජාතික අපරාධ අධිකරණය විසින්, ව්ලැඩිමිර් පුටින් රුසියානු ජනාධිපතිවරයාට අපරාධ චෝදනා යටතේ නඩු අසා ඔහු වැරදි කර වරෙන්තු නිකුත් කරන ලදී. දඩුවම් ද නියම කෙරෙණි. නමුත් එම ජාත්‍යන්තර අපරාධ අධිකරමයේ එම තීනදු සහ වරෙන්තු, රුසියානු ජනාධිති ව්ලැඩිමිර් පුටින් තඹ දොයිතුවකට ගනන් ගත්තේ නැත. එම තීන්දු සහ වරෙන්තු ගණන් නො ගැනීම හෝ ක්රියාවේ යෙදවීම තීන්දු වන්නේ රුසියාවේ හමුදා ශක්තිය හා යුධ බලය මත ය. ඒ හැර වෙන විසදුමක් නැත.මාක්ස් ලෙනින්වාදය පූරණ වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂ කිසිවිටක ආයුධ සංනද්ධ ක්‍රියාකාරකම් අත් නො හරී. ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා ජනරජයට විරුද්ධව ආයුධ සංනද්ධ ක්‍රියාකාරකම්වල යෙදීම, රාජ්‍යද්‍රෝහය වේ. දේශපූර්ණත්වය උල්ලංඝනය කිරීමට ක්‍රියා කිරීම ය. එය ම දේශද්‍රෝහී වීම ය. ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා ජනරජය විරුද්ධව ත්‍රස්තවාදී ක්‍රියා කළ බව පිළිගැනීම.“අපි අවි අතට ගන්න අවශ්‍ය කාලේ අපි අවි අතට ගත්තා” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් සති අන්ත පුවත් පතකට කියන ලද බව මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි. බටලන්ද කොමිෂන් සභා වාර්තාව පසු ගිය මාර්තු 14 දින පාර්ලිමේන්තු සභා ගත කෙරෙණි . 2025.04.10 දින එම වාර්තාව සම්බන්ධව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනිණි. බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ “සමාප්ති නිරීක්ෂණ සටහන්” යටතේ මෙසේ සඳහන් කරයි;“ජනතා විමුක්ති පෙරමුණ හෝ ඊට සම්බන්ධ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය බඳුසංවිධානවල හෝ සාමාජිකයන් විසින් සිදු කරන ලද ත්‍රස්තවාදී ක්‍රියාවලට අප කිසි ලෙසකිනුත් සමාව නොදෙන බව අප ස්ථීරවම ප්‍රකාශ කරනු කැමැත්තෙමු.”යන පාඨය ද, ” ජනතා විමුක්ති පෙරමුණෙන් සිදු කරනු ලැබූ ත්‍රස්තවාදී ක්‍රියා රැල්ල” මෙම පාඨය සහිත පහත සඳහන් “එකල රජය ඇත්ත වශයෙන් ම ජනතා විමුක්ති පෙරමුණෙන් සිදු කරනු ලැබූ ත්‍රස්තවාදී ක්‍රියා රැල්ල පාලනය කිරීම සඳහා අධිකරණ ක්‍රමයෙන් බාහිර ක්‍රම අනුගමනය කර තිබෙන බව අප සැලකිල්ලට ගන්නේ කනගාටුවෙනි” යන ප්‍රකාශය සහ“ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදය රාජ්‍ය ත්‍රස්තවාදයෙන් මෙල්ල කිරීමට තැත් කරන ලදී. “යන වැකි වලින් සමන්විත බටලන්ද කොමිෂන් සභා වාර්තාව අමාත්‍ය මණ්ඩලය අනුමත කිරීම ද සහ පාර්ලිමේන්තුවෙ සභා ගත කිරීම හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව පිළිගෙන නිළ වශයෙන් පිළිගෙන ඇත. ජාතික ජනබල වේගය ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනධිපතිවරයා බැවින් ඉහත උපුටා දැක්වූ පාඨ සහිත බටලන්ද කොමිෂන් සභා වාර්තාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමත් සමඟ ම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වශයෙන්, ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදී ක්‍රියාකාර කම්වලට සම්බන්ධ බව නිළ වශයෙන් පිළිගැනීමත් සිදු වී ඇත, එම වාර්තාව පාර්ලිමේන්තු සභා ගත කිරීමෙන් සමස්ත ආණ්ඩුව ම බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව පිළිගැනීමත් සිදු වේ. “අපි අවි අතට ගන්න අවශ්‍ය කාලේ අපි අවි අතට ගත්තා” ටිල්වින් සිල්වා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රකාශය:“අපි අවි අතට ගන්න අවශ්‍ය කාලේ අපි අවි අතට ගත්තා” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් සති අන්ත පුවත් පතකට කියන ලද ප්‍රකාශය අනුව ශ්‍රී ලංකා ජනරජය ඇතුලතදී අවි අයූධ අතට ගැනීමට ටිල්වින් සිල්වා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයාට හෝ ජනතා විමුක්ති පෙරමුණේ කවර හෝ සාමාජිකයෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පකාරව කිසිදු හිමිකමක් නැත. ඔහුගේ ප්‍රකාශයෙහි “අවශ්‍ය කාලයේ” අපි අවි අතට ගත් බව කීමෙන් රාජ්‍යට විරුද්ධව අවි අතට ගැනීම සාධාරණ කිරීමට ඔහු උත්සාහ කරයි. එම ප්‍රකාශය අනුව ටිල්වින් සිල්වාට හෝ ජනතා විමුක්ති පෙරමුණට හෝ අනීතිකව රාජ්‍යයට විරුද්ධව අවි අතට ගැනීමට කිසිදු ඉඩක් නීතියෙන් හිමි කර දී නැත. එසේ හිමිකමක් ඇතිනම් ඕනෑම අයෙකුට අවිආයුධ ගැනීමට, ඔහුගේ අභිමතයට අනුව හිමි කම් සැලසෙනවා ඇත. ශ්‍රී ලංකා ජනරජයේ බලමහිමයට එරෙහිව අවි අතට ගත් සියලු දෙනාට ම අවි අතට ගැනීම සාධාරණ වනවා ඇත. එසේ කිසිදු නෛතික අයිතිවාසිකමක්,
