Spread the News

යුද අපරාධ විමර්ශන විශේෂ පනත එයි

කීර්ති වර්ණකුලසූරිය

වන්නි මෙහෙයුමේදී සිදුවූ බව කියන යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමට අදාළ අධිකරණය ස්‌වාධීන කිරීම පිණිස විශේෂ පනතක්‌ ලබන වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්වේ.

මේ පනත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සකස්‌ කරන බව ඉහළ පෙළේ ආරංචිමාර්ග පවසයි.

මෙකී අධිකරණය වෙත පත්කරන්නේ අන්තර් ජාතික අධිකරණවල සේවය කර ඇති දේශීය විනිසුරුවන්ය.

2016 මාර්තු මස ජිනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භවීමට පෙර රජය මෙම අධිකරණය ස්‌ථාපිsත කර ඒ ගැන මානව හිමිකම් කවුන්සිලයට කරුණු දැක්‌විය යුතුවේ.